අමෙරිකාවේ ප්‍රාන්ත 10ක් පුරා දින 110ක් සාමයේ පණිවුඩය රැගෙන ගිය පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහෙයවන “Walk For Peace” ජාත්‍යන්තර සාම පාගමනේ තෙවන දිනය අද (24) පෙරවරුවේ මහනුවරදී ආරම්භ විය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගීත්වයෙන්, ශ්‍රී දළදා මාළිගාව අභියසින් මෙම පාගමන ආරම්භ වූයේ මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා සහ ආශිර්වාද මධ්‍යයේය.

දඹුල්ලේ සිට කොළඹ ගංගාරාමය දක්වා වැටී ඇති මෙම පාගමන, අද දින මහනුවරින් ආරම්භ වී මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් විහාරස්ථානයෙන් අවසන් වීමට නියමිතය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස්.බී. අබේකෝන්, දියවඩන නිලමේ නිලංග දෑළ බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ විශාල බැතිමතුන් පිරිසක් මීට එක්ව සිටියහ.

දින කිහිපයක් පුරා පැවැත්වෙන මෙම සාම චාරිකාව එළඹෙන අප්‍රේල් 28 වන දින නිමාවට පත්වනු ඇත.

ජාත්‍යන්තර සාමයේ ආත්මය ශ්‍රී ලාංකීය පොළොව මත සනිටුහන් කරමින් මෙම පාගමන සංවිධානය කර ඇත.

Share.
Leave A Reply