රටේ මර්මස්ථාන ත්‍රිත්වයක ඉරණම අනුර කරුණාතිලක අතට! – ජනපතිගෙන් තීරණාත්මක බලතල රැසක්”
බලශක්තිය සහ වරාය හසුරුවන නව බලවතා: අනුර කරුණාතිලක දිවුරුම් දෙයි!
රටේ බලශක්ති සහ ගුවන් සේවා මෙහෙයුම් මැදිරිය අලුත් වෙයි – නව අමාත්‍යවරයා වැඩ අරඹයි”
අනුර කරුණාතිලක මහතා බලශක්ති අමාත්‍යවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක මහතා පත් කරනු ලැබ තිබේ.
ඒ අනුව අනුර කරුණාතිලක මහතා අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ බලශක්ති අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබීය. බලශක්ති අමාත්‍යධුරයට අමතරව ඔහු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසද කටයුතු කරයි.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද සහභාගි විය.

