බටහිර ආසියානු කලාපය තුළ තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම සහ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට ගෙන ඇති තීරණය ශ්‍රී ලංකා රජය විසින් සාදරයෙන් පිළිගෙන ඇත.
මෙම තීරණය කලාපයේ පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කිරීමටත්, මානුෂීය පීඩාවන් අවම කිරීමටත් හේතු වන වැදගත් පියවරක් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
සියලු පා ර්ශ ව යන් ඇතුළත් කරගත් සාම ක්‍රියාවලියක් ඔස්සේ කලාපයේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව තහවුරු වන ස්ථිරසාර විසඳුමක් කරා ගමන් කිරීමට මෙම අවස්ථාව යොදාගන්නා ලෙස ද රජය අදාළ පාර් ශවයනගෙන් යන්ගෙන් ඉල්ලා සිටි යේ ය. මෙම සටන් විරාමයට සහ සාකච්ඡාමය වාතාවරණය නිර්මාණය කිරීමට දායක වූ සියලු රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් ද මෙහිදී ශ්‍රී ලංකාවේ ඇගයීමට ලක්ව ඇති බවද සඳහන් ය.

