2026 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුවෙන් මෙරටට පරිත්‍යාගයක් ලෙස ලැබුණු සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රමාණය සිසුන් අතර බෙදාහැර අවසන් කළ බව අධ්‍යාපන බලධාරීන් පවසයි.
රජයේ සහ රජයේ ආධාර ලබන පාසල්වල දරු දැරියන්ට මෙන්ම රජයේ අනුමත පිරිවෙන්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සීල මාතාවන් සහ ගිහි සිසුන් සඳහා මෙම රෙදි ප්‍රමාණය වෙන් කර තිබිණි.
චීන රජය මගින් මෙරටට ලබාදුන් සමස්ත රෙදි ප්‍රමාණය මීටර් මිලියන 11.484 කි. එම ප්‍රමාණය දිවයින පුරා විසිරී සිටින පාසල් සිසුන් 4,418,404 ක් වෙනුවෙන් මේ වන විට සම්පූර්ණයෙන්ම බෙදාහැර අවසන් කර ඇති බව වාර්තා වේ.
මීට පෙර වසරවල මෙන්ම මෙවර ද පාසල් වාරය ආරම්භයේදීම මෙම සහනය සිසුන්ට ලබා දීමට කටයුතු කිරීම විශේෂත්වයකි. මෙම ප්රදානය මගින් රජයට වැය වන විශාල මුදලක් ඉතිරි කර ගැනීමට ද අවස්ථාව සැලසී තිබේ.

