සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා හෙට සිට අප්‍රේල් 20 දක්වා විශේෂ ඒකාබද්ධ ප්‍රවාහන සැළැස්මක් ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
මෙම කාලසීමාව තුළ මගීන් ලක්ෂ 15ක් පමණ කොළඹින් බැහැරට යනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඒ සඳහා ගෙන ඇති පියවර මෙසේය:
පෞද්ගලික බස් රථ දෛනිකව අතිරේක ගමන්වාර 800ක් එක් කරයි.
කොටුව දුම්රිය ස්ථානයේ සිට සාමාන්‍ය වාරවලට අමතරව විශේෂ දුම්රිය ධාවනය කෙරේ.
බස් පර්යන්තවල සනීපාරක්ෂක, ආරක්ෂක සහ ප්‍රථමාධාර පහසුකම් ශක්තිමත් කර ඇත.
පැය 24 සේවය: ඕනෑම ගැටලුවක් සඳහා 1955 ක්ෂණික අංකය හෝ 071 259 55 55 (WhatsApp) අංකය අමතා මෙහෙයුම් මැදිරිය සම්බන්ධ කර ගත හැකිය.

