අමාත්‍ය ලාල්කාන්තගේ වත්කම් සොයන්නැයි අල්ලස් කොමිසමට පැමිණිල්ලක්කෘෂිකර්ම, පශු සම්පත් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාට අයත් බව කියන කඩුවෙල ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස “අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය” සංවිධානය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී.එම සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා විසින් අද දින ඉදිරිපත් කළ ලිපියක් මගින් මෙම ඉල්ලීම සිදු කර ඇත.

එහි සඳහන් ප්‍රධාන කරුණු කිහිපයක් පහතින්:අයථා වත්කම් පිළිබඳ සැකය: පූර්ණ කාලීන දේශපාලනයේ නිරත වන සහ සුඛෝපභෝගී ජීවන රටාවකින් බැහැර බව පවසන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස, අමාත්‍යවරයාට මෙතරම් කෝටි ගණනක නිවසක් හිමි වූයේ කෙසේද යන්න පරීක්ෂා කරන ලෙස එම සංවිධානය ඉල්ලා සිටී.වත්කම් බැරකම් ප්‍රකාශ: අදාළ දේපළ වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශවල සඳහන් කර ඇද්ද යන්න සහ අමාත්‍යවරයා සතු සියලු චංචල හා නිශ්චල දේපළ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසද එහි සඳහන් වේ.

මන්ත්‍රීවරුන්ගේ තොරතුරු: මීට අමතරව 2024 සහ 2025 වර්ෂ සඳහා වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දුන් සහ ලබා නොදුන් මන්ත්‍රීවරුන් 225 දෙනාගේ නාම ලේඛනයක් ද, අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ පිටපතක් ද ලබා දෙන ලෙස එම සංවිධානය වැඩිදුරටත් ඉල්ලීම් කර ඇත.නීති විරෝධී වත්කම් ඇත්නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස එම සංවිධානය කොමිෂන් සභාවෙන් අවධාරණය කර සිටී.

Share.
Leave A Reply