වාහන ජාවාරමක සැකකරුවන් පිරිසක් කොටු වෙයි!
අපරාධ පුවත්: මීගහවත්ත සහ කඳාන ප්‍රදේශවලදී ලියාපදිංචි නොකළ වාහන රැසක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට!
ජලාශ අනතුරු: වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය 22 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී මියයයි.
රිය අනතුරු – 01: සාලියවැවදී ලොරි රථයක් පාපැදියක ගැටීමෙන් 78 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට රිය අනතුරු –
02: තලෛයිමන්නාරමේදී යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව පෙරළීමෙන් වාලච්චේන පදිංචිකරුවෙකු මියයයි
@ ලියාපදිංචි නොකළ වාහන ජාවාරමක් කොටුකර ගනීව්‍යාජ ලිපි ලේඛණ සකස් කර සිදුකරන රථවාහන ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මීගහවත්ත සහ කඳාන ප්‍රදේශවලදී සිදුකළ මෙම මෙහෙයුමේදී බලපත්‍ර නොමැති කාර් රථ 03 ක්, ජීප් රථ 02 ක්, ලොරි රථයක් සහ යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21, 39 සහ 44 වයස්වල පසුවන කඳාන සහ මීගහවත්ත පදිංචිකරුවන් වේ.
@ වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය තරුණයෙකු ජීවිතක්ෂයටතෙල්දෙණිය, කුඹුක්කඳුර ප්‍රදේශයේදී වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය 22 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී මියගොස් ඇත. තලාතුඔය ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා සිය මිතුරන් පස් දෙනෙකු සමඟ දිය නෑමට ගොස් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී තිබේ.සාලියවැව සහ තලෛයිමන්නාරමේදී මාරක රිය අනතුරු දෙකක්සාලියවැව:
@පුත්තලම – ත්‍රීකුණාමලය මාර්ගයේ 16 කණුව ප්‍රදේශයේදී අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් පා පැදියක ගැටීමෙන් 78 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත. මරණකරු රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
@ තලෛයිමන්නාරම: තලෛයිමන්නාරම – මැදවච්චිය මාර්ගයේ කුඩිඉරුප්පු හන්දිය අසලදී යතුරු පැදියක් පාලනය කරගත නොහැකිව පෙරළී යාමෙන් 65 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මොහු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

