දහසකගේ නිවාස සිහිනය බොඳ කළ මහා පරිමාණ මූල්‍ය වංචාව: පීඩිත ජනතාව කොළඹදී වීදි බසී!

අක්බාර් ටවුන් සිට නිට්ටඹුව දක්වා විහිදුණු මහා නිවාස වංචාව: විමර්ශන ගොනු 500ක් නීතිපති වෙත!

නිවාස දෙන බව පවසා සිදුවූ රුපියල් කෝටි ගණනක මහා පරිමාණ වංචාවට එරෙහිව ජනතාව කොළඹදී පෙළ ගැසෙයි!

නිවාස සිහිනය වංචාවකට බිලිවෙයි: ‘නිවන් ඩිවලොපර්ස්’ ගොදුරු වූවන් කොළඹදී වීදි බසී

සහන මිලට මහල් නිවාස ලබාදෙන බව පවසා රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලයෙක්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් පීඩාවට පත් ජනතාව අද (27) කොළඹදී නිහඬ විරෝධතාවයක නිරත වූහ.

පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශනය කරමින් පැය ගණනාවක් පුරා පැවැති මෙම විරෝධතාවයේදී අගතියට පත් පාර්ශව වෙනුවෙන් අදහස් දැක්වූ ගාමිණී නෙත්තිකුමාර මහතා කියා සිටියේ, 2012 වසරේ සිට ක්‍රියාත්මක වූ මෙම සංවිධානාත්මක මූල්‍ය වංචාව හේතුවෙන් මෙරට මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන් දහසකට අධික පිරිසක් අසරණ වී ඇති බවයි.

‘නිවන් ඩිවලොපර්ස්’ (Nivan Developers) නම් ආයතනය හරහා මට්ටක්කුලිය, වත්තල, කඩුවෙල, හොරණ සහ නිට්ටඹුව යන ප්‍රදේශවල නිවාස ව්‍යාපෘති ආරම්භ කරන බව පවසා මෙම වංචාව මෙහෙයවා ඇති බව ද  විරෝධතාකරුවෝ මෙහි දී විරෝධ කරුවෝ පැවසුහ.

නිවාස ලබාදෙන බවට පොරොන්දු වුවද, අද වනතුරුත් ඔවුන්ට නිවසක් හෝ මුදල් ආපසු ලැබී නොමැති බවද ඔවු හු  පැවසුහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වංචා විමර්ශන කාර්යාංශය මගින් විමර්ශන පවත්වා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ගොනු 500කට අධික ප්‍රමාණයක් යොමු කර ඇති බව ඔවුහු පැවසුහ.

රාජ්‍ය මැදිහත්වීම අපේක්ෂා කරන බවද ඔවුහු පැවසුහ‍.

වසර ගණනවා තමන් විඳින පීඩාව අවසන් කර දෙන ලෙසත්, මෙම මහා පරිමාණ මූල්‍ය වංචාවට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් විරෝධතාකරුවෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් සහ අධිකරණ අමාත්‍යවරයාගෙන් පිරිස ඉල්ලා සිටියේ ය.

Share.
Leave A Reply