මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයින්ගේ මඟපෙන්වීමෙන් ඇරඹි ඒ වෘත්තීයමය ගමන් මඟෙහි හතරවන දින පියවර! 🎬🎙️
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දේශන ශාලාවේ දී ඇරඹි “පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්ම සහ නවක සන්නිවේදන පුහුණු වැඩසටහනේ” (Certificate in Introductory Media Communication Ethics). මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයින්ගේ මඟපෙන්වීමෙන් ඇරඹි ඒ වෘත්තීයමය ගමන් මඟෙහි පියවර! 🎬🎙️ ශ්‍රී ලංකාවේ ජන සන්නිවේදන අධ්‍යාපනයේ පීතෘවරයෙකු බඳු වූ, කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මැතිතුමන්, ප්‍රවීණ නීතිඥ නිමල් ජී. පුංචිහේවා සහ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැනි විද්වතුන්ගේ සහභාගීත්වයෙන් ඇසිදිසි මැදුරේදී ඇරඹි “පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්ම සහ නවක සන්නිවේදන පුහුණු වැඩසටහනේ” ජනප්‍රිය ගීත රචකයෙකු සහ කතුවරයෙකු වන රාජ්‍ය සාහිත්‍ය සම්මානිත ජපානයේ සම්භාවනීය “බුන්කා” සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සමාජ විද්‍යා සහ මානව විද්‍යා අංශයේ හිටපු දෙපාර්තමේන්තු ප්‍රධානි මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර | ශ්‍රී ලාංකේය රූපවාහිනී සහ ගුවන්විදුලි ක්ෂේත්‍රයේ විශ්වසනීයත්වයේ සලකුණක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සාන් විජේතුංග | රාවය, ඉරුදින සහ සත්හඬ හිටපු ප්‍රධාන කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි විමලනාත් වීරරත්න මහතා | සමාජ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, විවෘත විශ්වවිද්‍යාල දේශපාලන හා ජාත්‍යන්තර අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී, ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා, වැනි විද්වතුන්ගෙන් පෝෂිතව සාර්ථකව පිය නගන ප්‍රායෝගිකව හා zoom තාක්ෂණයෙන් එක් වන ඔබ සැම හද පතුලෙන්ම පිළිගන්නා අතර, ඒ සඳහා ඔබ සැමට ආරාධනා…!
📅 දිනය: 2026 මාර්තු 27 (සිකුරාදා)
👨🎓 ප්‍රවීණ විද්‍යා ලේඛක සහ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන මහතා සමග
🎭 ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් ජයසේකර මහතා
⏰ වේලාව: සවස 1:30 සිට 5:00 දක්වා
📍 ස්ථානය: කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරය
නවීන මාධ්‍ය කලාව, ආචාරධර්ම සහ තාක්ෂණය පිළිබඳව හදාරන්නට කැමති ඔබ සැම එන්න. හෙට දවසේ වගකීම් සහගත සන්නිවේදකයා ඔබයි!
WhatsApp Chanel හෝ Community ඔස්සේ දී ඇති. උපදෙස් හොඳින් බලන්න කියවන්න විමසිලිමත් වන්න.
🌐 ලියාපදිංචිය සඳහා පිවිසෙන්න: https://newsandimage.org/media-studies-training/
ආසනය වෙන් කිරීම සඳහා ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වේ.
ආසනය වෙන් කිරීම සඳහා ලියාපදිංචි වූ පසු ඔබගේ ලියාපදිංචි අංකය අප වෙත වට්සැප් කර තබන්න. ස්තුතියි…!
උදාහරණ : – Registration No EWOL-0333
පැමිණ සහභාගිී වීමට ඔබ (ඔබේ ලියාපදිංචි අංකය – මාර්තු 27 වන දින දහවල් 01 :30 ට පෙර දේශනයට ආසනයක් වෙන් කරන්න.) ලෙසට 0703750538 අංක වලට පමණක් , WhatsApp වට්සැප් කර තබන්න.
*Zoom තාක්ෂණයෙන් සම්බන්ධ වීමට සහ වැඩි විස්තර දැනගැනීමට WhatsApp Chanel හෝ Community වලට එකතු වන්න.*
ලියාපදිංචි වූ සෑම අයදුම් පත්‍ර ලාභියෙක්ම අප ලබා දී ඇති උපදෙස් පරිදි සෑම විටම කටයුතු කළ යුතුයි. ඔබගේ දේශන සඳහා සහභාගිත්වන් තහවුරු වනුයේ අප ලබා දී ඇති පරිදි උපදෙස් පරිශීලනය කරමින් ඒ ආකාරයෙන් කටයුතු කිරීම තුළිනි එය අනිවාර්යෙන් ඔබගේ දේශන සහභාගිත්වය පිළිබඳව තහවුරු කර ගැනීමට ප්‍රධාන නිර්ණායකය වන බව කාරුණිකව මතක් කර සිටිමි. එම නිසා, වැඩසටහන සඳහා, ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය සියලු තොරතුරු ඇතුළත් කර බෙදා හරින මෙම සමූහය සමඟ නිරන්තරව රැඳී සිටින ලෙසට විමසිලිමත් වන්නන්ට උපදෙස් ලබා දෙන්න. එම නිසා ඔබත් මෙම සමූහයට එකතු වී සිටින්න. මෙම සමූහය තුළ ඔබගේ WHATSAPP අංකය පොදු සාමාජික සාමාජිකාවන්ට නොපෙන්වන බැවින් ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂාව වනු ඇත.
Follow the channel on WhatsApp
🎓✨ සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව!
🎓📚 ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන
(Certificate in Introductory Media Communication Ethics) ✨
News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එය පිරවීම මගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.
සෑම විටම අයදුම් පත්‍රය පිරවීමට පෙර ඒ සඳහා යොමු කර ඇති වීඩියෝව බලා ඔබ හොඳ අවබෝධයක් ලබාගන්න. විශේෂයෙන් ඡායාරූප ඇතුළත් කිරීම පිළිබඳව නිවැරදිව අවබෝධයක් ලබාගන්න.
උපදෙස් 01 හොඳින් බලන්න කියවන්න විමසිලිමත් වන්න
උපදෙස් 02 හොඳින් බලන්න කියවන්න විමසිලිමත් වන්න
උපදෙස් 03 හොඳින් බලන්න කියවන්න විමසිලිමත් වන්න
යම් හෙයකින් ඔබේ අයදුම්පත පුරවා අවසන් වූ පසු එහි ඡායාරූපය හෝ වැරදීමක් හෝ වැරදි තොරතුරක් හෝ එම අයදුම්පත්‍රයේ ඇතුළත් විස්තරයක් වෙනස් කිරීමට අවශ්‍ය නම් කරුණාකර වෙනස් කළ යුතු අයදුම් පත්‍රයෙහි වෙනස් කළ යුතු ස්ථානයන් ලකුණු කර තම අයදුම් පතෙහි ඇතුළත් කළ යුතු නව දත්ත වෙනම සටහන් කර අප වෙත 0703750478 | 0703750538 | 0783930551 අංක වෙත වට්සැප් කරන්න. ඔබ නැවත අයදුම්පතක් පිරවීමට හෝ එය වෙනස් කිරීමට උත්සාහ නොකරන්න එමඟින් ඔබගේ අයදුම්පත ප්‍රතික්ෂේප විය හැක.
If you need to change any of the details in your application form after filling it out, please mark the areas to be changed on the application form and write down the new details to be entered in your application form separately and WhatsApp us on 0703750478 | 0703750538 | 0783930551. Do not attempt to fill out or change the application form again as this may result in your application being rejected.
Read Instructions 01 | 02 | 03 Carefully

