වංචාව දූෂණය පිටුදැකීමට රාජ්‍ය නිලධාරීන් පෙරමුණ ගත යුතුයි – ධීවර ඇමැති!
පත්වීම් ලැබූ සහකාර අධ්‍යක්ෂවරුන්ට ඇමැති රාමලිංගම්ගෙන් විශේෂ උපදෙස්!
වංචාව දූෂණය පිටුදැක පිරිසිදු රාජ්‍ය සේවයකට කැපවෙන්න – ධීවර අමාත්‍යවරයාගෙන් උපදෙස්! ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා කියයි!
වංචාව සහ දූෂණය යනු ජාතියක් විනාශ කරන පිළිකාවක් බවයි. වත්මන් රජය අතිරික්ත වරප්‍රසාද සහ වැටුප් පවා ප්‍රතික්ෂේප කරමින් පූර්වාදර්ශ සපයන බවත්, එම පවිත්‍ර දේශපාලන සංස්කෘතිය රාජ්‍ය පාලන යන්ත්‍රණය තුළ ස්ථාපිත කිරීමේ වගකීම නව නිලධාරීන් සතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම ‘Ditwa’ වැනි ස්වභාවික ව්‍යසනයන් හමුවේ පීඩාවට පත් ධීවර ප්‍රජාව සුරක්ෂිත කිරීමේ වගකීම පෙන්වා දුන් අමාත්‍යවරයා, අමාත්‍යාංශය තුළ කිසිදු වංචාවකට ඉඩ නොතබා පිරිසිදු රාජ්‍ය සේවයක් ලබාදීමට කැපවන ලෙස නව නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

