එළඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුදු සමය අවසන් වන තෙක් ආනයනික කිරිපිටි සහ තිරිඟු පිටි මිල කිසිසේත් ඉහළ නොදමන බවට අදාළ ආනයනකරුවන් සහ සමාගම් රජයට නිල වශයෙන් සහතික වී තිබේ.

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙම තිරණය ගෙන තිබේ.

ඉදිරි මාස තුනක කාලයකට අවශ්‍ය කිරිපිටි සහ තිරිඟු පිටි තොග පවතින බවට තහවුරු කෙරිණි.

ඉන්ධන කෝටාව හේතුවෙන් බෙදාහැරීමේ ජාලයට එල්ල වී ඇති බාධා ඉවත් කිරීමට විශේෂ දත්ත රැස්කිරීමේ වැඩසටහනකට ලියාපදිංචි වන ලෙස අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

මෙම සාකච්ඡාව සඳහා ප්‍රීමා (Prima), සෙරන්ඩිබ් (Serendib) ඇතුළු ප්‍රමුඛ පෙළේ සමාගම් සහ පාරිභෝගික අධිකාරිය, සතොස ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් සහභාගි වී සිටියහ.

Share.
Leave A Reply