ලෝක වනාන්තර දින තිළිණය:හෙක්ටයාර 12,000ක වන පෙතකට වනස්පති වැඩසටහනෙන් නව ජීවයක්!
2030 හරිත ඉලක්කය කරා දැවැන්ත පියවරක්: රක්ෂිත වනාන්තර සංඛ්‍යාව 79 දක්වා ඉහළට!
අලි පාරාදීස සහ ජල පෝෂක 50ක් අද සිට රක්ෂිත බවට!පත් කරයි!
වනස්පති ජාතික වැඩසටහනෙන් මෙරට වන වැස්මට හෙක්ටයාර 12,000කට අධික නව ආරක්ෂාවක්!-
රක්ෂිත වනාන්තර සංඛ්‍යාව 79 දක්වා ඉහළට; අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි අද දින අත්සන් තබයි –
ලංකාවේ ජෛව විවිධත්වය සුරැකීමේ සහ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමේ දැවැන්ත පියවරක් තබමින්, “වනස්පති” ජාතික වැඩසටහන යටතේ අලුතින් වනාන්තර 50ක් රක්ෂිත බවට පත්කිරීමේ ඓතිහාසික ගැසට් පත්‍රයට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා අද දින අත්සන් තැබීය.
මෙම නව පියවරත් සමඟ වනස්පති වැඩසටහන යටතේ රක්ෂිත බවට පත් කළ මුළු වනාන්තර සංඛ්‍යාව 79ක් දක්වා ඉහළ යන අතර, අද දින පමණක් අලුතින් එක්වූ වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 12,989.73කි.
මේ අනුව දිස්ත්‍රික්ක පදනමින් රක්ෂිත කළ වනාන්තරනව රක්ෂිත ප්‍රකාශයට පත් කිරීමේදී දිස්ත්‍රික්ක 04ක් කේන්ද්‍ර කරගෙන ඇති අතර, එහි ව්‍යාප්තිය පහත පරිදි වේ:
දිස්ත්‍රික්කයරක්ෂිත කළ වනාන්තර ප්‍රමාණය (හෙක්ටයාර)සුවිශේෂී වටිනාකම අම්පාර6,255.77වන අලි වාසභූමි සහ වෙරළබඩ පරිසර පද්ධතිනුවරඑළිය සහ බදුල්ල (ඒකාබද්ධ)2,996.06ජල පෝෂක ප්‍රදේශ සහ කඳුකර වනාන්තරනුවරඑළිය2,778.345අතිශය සංවේදී කඳුකර පරිසර පද්ධතිබදුල්ල683.74ජල පෝෂක සහ උප කඳුකර වනාන්තරමාතර275.811තෙත් කලාපීය ශාක විවිධත්වය එකතුව12,989.73
🐘 වන අලි සහ දුර්ලභ සතුන්ගේ පාරාදීසයක්අද දින රක්ෂිත ලෙස නම් කළ වනාන්තර හුදෙක් ගස් කොළන් පමණක් නොව, වන සතුන්ගේ පැවැත්මට තීරණාත්මක සාධකයක් බව හෙළි වී ඇත.
රාගම්වෙල රක්ෂිතය: වන අලින් තුවාල සුව කරගැනීම සඳහා ලවණ සොයා පැමිණෙන ජෛව විද්‍යාත්මක වැදගත්කමකින් යුතු කලාපයකි.හොරොව්කන්ද රක්ෂිතය: වන අලින්ගේ ප්‍රජනන ක්‍රියාවලියට සහ කැස්බෑවන් බිත්තර දැමීම සඳහා ඉතා වැදගත් වේ.
කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය භූගත ජල මට්ටම පවත්වා ගැනීමට සෘජුව දායක වන ජල පහරවල් රැසක මූලාශ්‍රයකි.
2030 ඉලක්කය කරා යන ගමනපැරිස් සම්මුතියට අනුව 2030 වන විට මෙරට වන වැස්ම 32% දක්වා වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාව ලබාදී ඇති ජාත්‍යන්තර පොරොන්දුව ඉටු කිරීමේ ප්‍රමුඛතම මෙවලම ලෙස වනස්පති වැඩසටහන ක්‍රියාත්මක වේ.පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල සහ වන සංරක්ෂක ජෙනරාල් එස්. සී. පාලමකුඹුර යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන හරහා ඉදිරි පරපුර උදෙසා ජල මූලාශ්‍ර සහ ස්වභාවික සම්පත් තිරසාර ලෙස ආරක්ෂා කිරීම රජයේ අරමුණ බවද පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පැවසීය.

