“රටම එකට” මත්ද්‍රව්‍ය විරෝධී ජාතික මෙහෙයුම: සැකකරුවන් 852ක් අත්අඩංගුවට

 

කොළඹ: දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම සහ ජාවාරම් මැඩපැවැත්වීමේ අරමුණින් ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ පසුගිය පැය 24 තුළ සාර්ථක වැටලීම් රැසක් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මෙම මෙහෙයුමේ 2026.03.20 දිනට අදාළ දෛනික වාර්තාවට අනුව, සිදුකළ වැටලීම් 847කදී සැකකරුවන් 852ක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන්:

පොලිස් වාර්තාවලට අනුව පහත මත්ද්‍රව්‍ය තොග විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත:

හෙරොයින්: ග්‍රෑම් 378 මිලිග්‍රෑම් 333

අයිස්: ග්‍රෑම් 502 මිලිග්‍රෑම් 282

ගංජා: කිලෝග්‍රෑම් 03 ග්‍රෑම් 441

ගංජා පැල: 31,684ක්

මත්පෙති: 1,946ක්

වෙනත්: කුෂ් ග්‍රෑම් 01, හෂිෂ් ග්‍රෑම් 06, මදනමෝදක ග්‍රෑම් 238 සහ මාවා ග්‍රෑම් 49

 

ඉදිරි විමර්ශන කටයුතු:

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරින් පුද්ගලයින් 05 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන අතර, පුද්ගලයින් දෙදෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

2025 ඔක්තෝබර් 30 වන දින ආරම්භ කරන ලද මෙම “රටම එකට” මෙහෙයුම මඟින් මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම සහ ප්‍රජාව බලගැන්වීම අඛණ්ඩව සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි නීතිවේදී ෆ්‍රෙඩ්රික් වුට්ලර් මහතා සඳහන් කරයි.

 

 

 

————————————————————————————————————————————————————————————————————————————————————————————————————————
*📍 විශේෂ නිවේදනය:*

🎥📢🎙️ Media Training EWOL 🎬📰📚✨ වට්සැප් චැනලයහී දැක්වෙන දිස්ත්‍රික් සමූහයන් අතරින් ඔබේ දිස්ත්‍රික්කයට අදාළ සමූහයට පමණක් එක්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

 

*🎓 ජනමාධ්‍ය ලෝකයට පිවිසෙන්නට ඔබට අගනා අවස්ථාවක්! 📚*

*🚀 මාධ්‍යවේදියෙකු වීමේ සිහිනය සැබෑ කරගන්න! 🎤🎥*

*සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වනු ලබන*

*“පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන” (Certificate in Introductory Media Communication Ethics)* සඳහා දැන් නවකයන් බඳවා ගැනේ.

 

✨ පුහුණු ක්ෂේත්‍ර:

 

⚖️ මාධ්‍ය නීතිය සහ ආචාර ධර්ම

 

💼 ව්‍යවසාය මූලික මාධ්‍ය පුහුණුව

 

🎤 වාර්තාකරණය සහ සම්මුඛ සාකච්ඡා

 

🎥 වීඩියෝ පුවත්පත් කලාව ( Videojournalism ) | වීඩියෝ නිර්මාණය සහ සංස්කරණය

 

📸 ඡායාරූප පුවත්පත් කලාව ( Photojournalism ) | ඡායාරූප නිර්මාණය සහ සංස්කරණය

 

 

📝 ලියාපදිංචි වන ආකාරය:

පහත සබැඳිය (Link) ඔස්සේ අපගේ වෙබ් අඩවියට පිවිස, “Media Studies Training” අංශයේ ඇති අයදුම්පත සම්පූර්ණ කර ඔබේ සාමාජිකත්වය තහවුරු කරගන්න.

🔗 https://newsandimage.org/media-studies-training/

 

📍 ඔබේ දිස්ත්‍රික්කයට අදාළ සමූහයට (Community) පමණක් එක්වන්න:

 

📢 නිරන්තර යාවත්කාලීන කිරීම් සඳහා අපගේ වට්සැප් චැනලය සමග එක්වන්න:

🔗 https://whatsapp.com/channel/0029Vb5yrkR9MF8rsF5gzm23

 

📞 වැඩි විස්තර සඳහා: 0703750478 | 0723930751 | 0713930751


මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ

වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA


Share.
Leave A Reply