යාන්ත්‍රික බලයට එදිරිව මානුෂීය ශක්තිය: රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මරණාසන්න අභියෝගයක!

පැය 48ක නොනැවතී දුවන ලාංකේය සිංහයා: ගිනස් පොත අලුත් කරන හෝරාව!

වයස ඉලක්කමක් පමණයි! 60 පැනලත් ලෝකයක් දිනන්නට දුවන අපේ රියර් අද්මිරාල්!

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා, යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක් (Manual Treadmill) භාවිතා කරමින් පැය 48ක කාලයක් අඛණ්ඩව දිවීම මගින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමේ අභියෝගාත්මක ගමන අද (20) පෙරවරු 10:00 ට කොළඹ නාවික අනුඛණ්ඩයේදී ආරම්භ කළේය.

ලෝක වාර්තා පිහිටුවීම සම්බන්ධ නිල ආයතනවල දැඩි අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම ඉසව්වේදී, රියර් අද්මිරාල්වරයා ඉලක්ක කරන්නේ මීට පෙර පැය 12, පැය 24 සහ පැය 48 යන කාල සීමාවන් තුළ තබා තිබූ සියලුම ලෝක වාර්තා බිඳ දමා නව මානයන් සටහන් කිරීමටයි.

මෝටර් රහිත, හුදෙක් ශරීර ශක්තියෙන් පමණක් ක්‍රියා කරන අතින් ක්‍රියා කරවන Treadmill යන්ත්‍රයක් මේ සඳහා යොදා ගැනීම මෙම උත්සාහයේ ඇති සුවිශේෂී දුෂ්කරතාවයයි.

මෙම ඓතිහාසික අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහභාගී වූ අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද මෙම දිරිගැන්වීමේ අවස්ථාවට එක්ව සිටියහ.

Share.
Leave A Reply