– විපක්ෂ නායක සජිත්ගෙන් රජයට දැඩි චෝදනා

ඉන්ධන සඳහා යළිත් QR කේත ක්‍රමයක් හඳුන්වාදීම හේතුවෙන් මෙරට ඉන්ධන පරිභෝජනය සීමා වී ජනතාව තුළ දැඩි කලකිරීමක් ඇතිවන අතරම, එය රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලියම බරපතළ අර්බුදයකට ඇද දැමීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

“හෝර්මූස් සමුද්‍ර සන්ධියේ පවතින අර්බුදය හමුවේ රටේ ඉන්ධන සුරක්ෂිතතාව වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා මම පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා. ඒ වෙලාවේ රජයේ ඇමැතිවරු අපිට හිනාවුණා. රටේ කිසිම ප්‍රශ්නයක් නැහැයි කිව්වා. හැබැයි එහෙම කියලා දින 12ක් යන්නත් කලින් ආණ්ඩුවට QR කේතය ක්‍රියාත්මක කරන්න සිද්ධ වුණා. ආණ්ඩුවට මේවා උසුළු විසුළු වුණාට අද පීඩාවට පත්වෙන්නේ මේ රටේ පොදු ජනතාවයි.”

වත්මන් අර්බුදය හමුවේ සමගි ජනබලවේගය කිසිසේත්ම පටු දේශපාලන වාසි බලාපොරොත්තු නොවන බවත්, තමන් දිගින් දිගටම පෙන්වා දුන් අවදානම රජය නොසලකා හැරීමේ විපාක දැන් රටටම විඳීමට සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.  

Share.
Leave A Reply