බාල බෙහෙත් වගේම බාල ගල් අඟුරුත් බරපතල අපරාධයක්: රටම අඳුරේ හෙළන ‘ගල් අඟුරු මාෆියාව’ ගැන විමර්ශනයක් ඉල්ලයි.
විදුලි කප්පාදුවෙන් දරුවන්ගේ අධ්යාපනය සහ ආර්ථිකය අනතුරේ: මානව හිමිකම් කොමිසම වහා මැදිහත් විය යුතුයි – වෛද්ය හා සිවිල් අයිතිවාසිකම් සන්ධානය.
බාල ගල් අඟුරු නිසා රටම අඳුරට? රට අනුරට !අඳුර පෙරට!
“විදුලි කප්පාදුව මානව හිමිකම් උල්ලංඝනයක්” – විශේෂඥ වෛද්ය චමල් සංජීව මානව හිමිකම් කොමිසමට යයි!
ප්රමිතියෙන් තොර බාල ගල් අඟුරු මෙරටට ගෙන්වීම හරහා ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවුවහොත්, එය ජනතාවගේ මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස ප්රකාශයට පත් කරන ලෙස ඉල්ලා විශේෂඥ වෛද්ය චමල් සංජීව මහතා අද (19) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
බාල ගල් අඟුරු නිසා විදුලි උත්පාදනය අඩුවීමෙන් පාරිභෝගිකයාට අධික පිරිවැයක් දැරීමට සිදුවේ.
විදුලි කප්පාදුව පාසල් දරුවන්ගේ අධ්යාපනයට සහ රටේ ආර්ථිකයට මරු පහරකි.
බාල බෙහෙත් ගෙන්වීම මෙන්ම බාල ගල් අඟුරු ගෙන්වීම ද ජන ජීවිතය අවුල් කරන අපරාධයක් බව වෛද්යවරයා පෙන්වා දෙයි.
මෙම මතභේදාත්මක ටෙන්ඩර් ක්රියාවලිය ගැන වහාම විමර්ශනයක් පවත්වා ජනතාව පීඩාවට පත්වන විදුලි කප්පාදුව වළක්වන ලෙස ඔහු කොමිසමෙන් ඉල්ලා සිටියේ ය.

