භාවිතයේ නැති දුරකථන අංක නිසා ඔබේ වාහනයේ ඉන්ධන QR කේතය ලබා ගැනීමට නොහැකිව සිටියාද? මෙන්න විසිදුම – අද (මාර්තු 19) සිට ක්රියාත්මක වන නව විශේෂාංගය මඟින් එම බාධාව ඉවත් කර ඇත!
✅ ඔබ කළ යුත්තේ:
පද්ධතියට පිවිස වාහන අංකය සහ චැසි අංකය නිවැරදිව ඇතුළත් කරන්න.
‘Override’ විකල්පය තෝරා පැරණි ගිණුම අවලංගු කරන්න.
ඔබේ නව දුරකථන අංකය යටතේ වහාම නව QR ගිණුමක් ආරම්භ කරන්න.
රජයේ දැඩි අවවාදය- මෙම පහසුකම හිමිවන්නේ 2026 මාර්තු 14ට පෙර ලියාපදිංචි කළ වාහන සඳහා පමණි. නමුත් ඔබ වෙනත් වාහනයක දත්ත වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

