කොළඹ ජාතික අක්ෂි රෝහලෙන් සුවිශේෂී සත්කාරයක් – මාර්තු 21 සහ 22 ක්‍රියාත්මකයි.
ඇසේ සුද මතුවීම හේතුවෙන් පෙනීම අහිමි වී, ශල්‍යකර්මයක් සඳහා දීර්ඝ කාලයක් පොරොත්තු ලේඛනවල රැඳී සිටි රෝගීන් දහසකට (1000) යළි ලෝකය දැකීමේ වාසනාව උදා කරමින් කොළඹ ජාතික අක්ෂි රෝහල සුවිශේෂී සායනික වැඩසටහනක් ප්‍රකාශයට පත් කර ඇත. ලබන මාර්තු 21 සහ 22 යන දෙදින පුරා මෙම දැවැන්ත මෙහෙයුම ක්‍රියාත්මක වේ.
කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් සහ ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතනයේ පූර්ණ සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය දියත් කෙරේ.

