කෘතිම බුද්ධිය (Generative AI) වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ලෝකයේ කාන්තාවන් සතු රැකියාවලින් 88%ක් පමණ යම් මට්ටමක අවදානමකට හෝ වෙනස්වීමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) අධ්‍යක්ෂ ජොනි සිම්සන් මෙනෙවිය පැවසුවාය.

කොළඹ පැවැති විශේෂ සැමරුම් උත්සවයක් අමතමින් ඇය පෙන්වා දුන්නේ, මෙම තාක්ෂණික විප්ලවය හමුවේ පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි වශයෙන් රැකියා අහිමි වීමේ තර්ජනයට මුහුණ දී සිටින බව ඇය කීවා ය.

ජොනි සිම්සන් මෙනෙවිය මෙසේ ද කීවා ය.

මෙම අවදානමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ කාන්තාවන් වැඩි වශයෙන් නිරත වන රැකියා ක්ෂේත්‍රයන් බවයි.

දත්ත ඇතුළත් කිරීම, ලිපිගොනු නඩත්තු කිරීම සහ දෛනික කාර්යාල කළමනාකරණය වැනි කටයුතු AI මගින් ස්වයංක්‍රීයව (Automated) කළ හැකි වීම ද මෙයට හේතු වී තිබේ.

පාරිභෝගික සහායක සේවාවන් (Customer Support) දැනටමත් AI ‘චැට්බොට්’ (Chatbots) මගින් ආදේශ වෙමින් පැවතීම ද තවත් සාධකයෙකි.

සාමාන්‍ය සහායක සේවාවන්හි නිරත ශ්‍රම බලකායෙන් බහුතරය කාන්තාවන් වීම නිසා ඔවුන්ගේ වෘත්තීය ස්ථාවරත්වය ගිලිහී යාම ට තවත් හේතුවක් බව ඇය කීවාය.

වාර්තාවලට අනුව, ඉහළ ආදායම් ලබන රටවල කාන්තා රැකියාවලින් සැලකිය යුතු ප්‍රමාණයක් මෙම තාක්ෂණය නිසා බලපෑමට ලක් වන බවත් කෙසේ වෙතත්, මෙය රැකියා අහිමි වීමක් පමණක් නොව, රැකියාවේ ස්වභාවය වෙනස් වීමක් (Augmentation) ලෙසද සැලකිය හැකි බව ඇය කීවාය.

නව තාක්ෂණයට අනුගත වීමට අවශ්‍ය පුහුණුව (Upskilling) සහ නැවත නිපුණතා වර්ධනය (Reskilling) සඳහා කාන්තාවන්ට ඇති අවස්ථාවන් සීමිත වුවහොත්, මෙම 88%ක අවදානම ප්‍රබල සමාජ අර්බුදයක් විය හැකි බව ද ඇය  කීවාය.

අපට තාක්ෂණය නැවැත්විය නොහැකි බවත්, නමුත් තාක්ෂණය සමඟ කාන්තාව සන්නද්ධ කළ හැකි හැකි නම් විසිදුමක් ලැබෙන බවද ඇය කීවාය.

නූතන වැඩ ලෝකයට ගැළපෙන පරිදි කාන්තාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීම සහ පද්ධතිමය ප්‍රතිසංස්කරණ සිදු කිරීම ලංකා රජයන්හි වගකීමක් බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

නූතන වැඩ ලෝකයට ගැලපෙන පරිදි ලාංකේය කාන්තාව සවිබල ගැන්වීම රජයේ අපේක්ෂාව බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.

Share.
Leave A Reply