ලෝක සිතියමේ කොතැනකවත් නැති, එහෙත් ලංකාවේ හැමතැනම තිබෙන අමුතුම ගම “රත්මල්යාය” යි. මේ ගම ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ අමුඩය ඇඳීම නිසාම නොවේ; අමුඩයට මුවා වී රට පාලනය කරන්නට හීන දකින “බොරු අමුඩකාරයන්ගේ” රෙදි ගලවා, ඇත්ත අමුඩය රටටම පෙන්වූ නිර්භීත ගැමියන් පිරිසක් මෙහි වෙසෙන බැවිනි.
🏠 ඝෝෂ ගෙදර “සන්සාරේ”සුත්තරය මෙන්න!
ගමේ නායකයා අප්පුහාමි ය. ඔහු අමුඩයේ අයිතිකාරයා නොව, එහි ගෞරවනීය භාරකරුය. ඔහුගේ නිවස “ඝෝෂ ගෙදර” යි. සාමාජිකයන් 14 දෙනෙකු එකම වහලක් යට සිටින විට එය නිවසක් නොව “පාර්ලිමේන්තුවක්” වැනිය. දියවන්නාවු මතක් උනාද …හ්…ඉතිං…
“අප්පුහාමිගේ පැල් කවිවලට බිය වී වන සතුන් කැලෑ වදින්නේ තල් අත්තට බොරළු වැටෙන්නාක් මෙනි. සතුන් කියන්නේ අප්පුහාමිගේ බයිලා විතරයි, හේනට සෙතක් නැත කියාය.”ඔහු කිසි දිනක කොළයක් බලමින් ජාතිය අමතන්නේ ද නැති…වැරදුනා..ගෙදර කතාකරන්නේ නැත.
🎭 රත්මල්යාය ‘කැබිනට්’ මණ්ඩලය රසවත්!
අප්පුහාමිගේ දූ දරු පිරිවර වත්මන් සමාජයේ විවිධ පැතිකඩ නියෝජනය කරන අපූරු කැඩපතකි. හරියට රතු හුණ්ඩුව ආණ්ඩුවේ මහජන යා මෙන් ය. නැති නම් රටේ අමුඩ අප්පුහාමිලාය.
එතනාහාමි (ගමේ අගමැතිනිය වාගේ ය ): පාසල් නොගියත් ලෝක දහම දන්නා ඇය, රතු හැට්ටයට සහ රතු මල් රෙද්දට තවමත් හැඩය. ඇය රතු එරබදු මල් ඉත්තක් වැනිය.
විහාරාධිපති ලොකු පුතා: “පක්ෂ නායකත්වය පන්සල් වැටෙන් එහා තියලා වරෙල්ලා” කියමින් අමු හෙළයන්ගේ උරුමය ගැන බණ දෙසයි. රටකට උවමනා අද කාලයේ හිමිනමකි.
පනින අප්පු (මන්ත්‍රී පුතා): වසර 76කට පසු රට හදන්න ආ නායකයා ගැන වර්ණනා කරමින්, දිනන පැත්තට පැන ඇමතිකම් ගන්නා “දියවන්නාවේ දක්ෂයා” මොහුය.
හෙතෙම කටින් බතල කොළ සිටුවා බතල මැදපෙරදිග යුද්ධයෙන් අවතැන් වූවන් සදහා සේද මාවතේ සිට මැද ගෙරදිගට බතල අපනයනය කරන්නට නෙළුම් කුළුණ සිට වරාය නගරයට ගමන් කළේ බතල- බතලය කා ජනතාවට තලය යුධ උපකරණයක් ලෙස යුදධය කරන පිරසටද භාවිතා කළහැකි යැයි කියමින් ලේකම් අප්පුට සිංහල බසින් වාර්තාවක් සකස් කරන ලෙස දන්වා රියදුර බූරුවා ට කී වේ මසය්ලයක් ගහන්න ගලින් යම යකෝ හනිකට කියා ය.
පොලී මුදලාලි (කෝටිපති පුතා): IMF එකටත් ණය දිය හැකි බව කියමින්, නෙළුම් කුළුණ දෙස බලා විස්කි වීදුරුවක් හිස් කරන මොහු කොළඹ හතේ වැජඹෙයි. යුද්ධ කරන්න කැමැති අයට පොලි රහිතව ණය දෙනවා නියමින් පුවත්පත් දැන් වීමක් නිකුත් කළේ ය
කුසල හාමි (කේලම් මල්ල): ඇය දැන් අලුත්ම ව්‍යාපාරයක් අරඹා ඇත. ඒ “රිලවුන්ට අමුඩ විකිණීමයි”. ගැහැණු රිලවුන් දෙස අමුතු විදියට බලන පිරිමි රිලවුන්ට ඇය දැන් අමුඩ සහ ජංගි අලෙවි කරයි!. මැද පෙරදිග යුද් ධය අස්සේ සාම ආප්ප ලොවටම කියමින් ආප්පයය දෙකට නවා කා…ගව අප්පුගේ වලිගය හැපුවේ තේල ඉවර වෙන්න කලින් යමන් කළුවෝ සේඩ් ඒකට කියමිනි.
🎓 අධ්‍යාපනයේ සහ නීතියේ “රතු ඉර”
ගමේ ඉස්කෝල අප්පු කරන්නේ මහලු රිලවුන්ට සහ ළමයින්ට එකම පන්තියේ ඉගැන්වීමයි. “අත්තෙන් අත්තට පනින්නේ කවුද?” කියා ඇසූ විට රිලවුන් පවසන්නේ “ඒ අපි ගැනයි සර්” කියාය.
එහෙත් ළමයින් පවසන්නේ “ඒ කුරුල්ලන්” කියාය. අවසානයේ අන්දමන්ද වන්නේ ගුරුවරයාය. අධ්‍යපන ප්‍රතිසංස්කරණය උවමනා කියන්නේ මේන්න මේ නිසා කියමින් ලැප් හරහා අන්තර් ජාලයට ගියේ ය.
මේ අතර කැම්පස් අප්පු කොළඹදී කඳුළු ගෑස් කමින් “මර්දනය හෙළා දකින” අතර, කළු කෝට් අප්පු උසාවියේදී “රිලා පනතක්” ගැන තර්ක කරයි. මැද්පෙර දිග යුද්ධය නතර කළ යුත්යි අපි අන්තරේ හඳයෝ වසයි කියමින් අත්තරේ සඟයෝ බංකු බංකු කියමින් රතු හුණ්ඩුව ආණඩුවේ විදෙස් තානාපති කාර්යාලය අසල ඉංග්‍රීස්යෙන් හූ කියන්නට වූහ.
පාතාල අප්පු මිරිස් කුඩු කුමාරයා සොයමින් කැටපෝලයෙන් වඳුරන්ට විදියි. පාලකයෝ දනේ නෑ අපෙන් වැඩ ගන්න මගේ සෙට් ඒකට කීවානම් මැදපෙර දිග යුද්ධය පාතාල දමා සුටුස් ගාලා මර්දනය කරනවා ය කියමින් කටුනායක හරහා වෙරළ පැත්තට ගියේ අයිස් නැව වෙරළට මතු වන වේලාවේදීය.
🐘 සියාතු අප්පු සහ අමිහිරි ඇත්ත අඳුර සහග ලොව පෙරට කතාව නිමාවට යයි.
කතාවේ අවසානයට සිටින්නේ සියාතු අප්පු ය. ඔහු අහිංසක කම්කරුවෙකි. පොල් කඩා ජීවත් වන ඔහුට නීති රීති වැඩිය. අවසානයේ රෑ බෝ වී කැලෑව මැද අලියෙකුට බිය වී ගසකට නැග, එළිවන තුරු “අලි හරක්” ගණන් කරමින් සිටින්නට ඔහුට සිදු වේ.
අහසේ රතු තරු ය. ලඟ තිබුණු ලඹු කැටයේ වතුර නැති බව දැනී සියාතුවාට සුළු දිය බරක් ( චූ බරක්) හැදිණි.
සිදු වුයේ පුදුමයකි. තමුසෙ රා බිලා බිලා ඇවිත් පැදුරේ චූ කරලා කියමින් සියාතුවාගේ බිරිද ඉළ පොත ගෙන සියාතුවාට තඩි බෑවේය. සියාතුවා සිහිනයෙන් අවදි වුයේ මේ මොහොතේය.
ඉතිං… රත්මල්යාය යනු හුදෙක් ගමක් නොව, අද අප ජීවත් වන රටේම කුඩා අනුරුවකි. බලය, සල්ලිය, මිථ්‍යාව සහ අහිංසක මිනිසාගේ දුක යන සියල්ල මේ “අන්දර වැට” තුළ කියවේ. ලියවී තිබේ.
කතාව ටයිල් කළ මම යළිත් කතාවක් අරගෙන ගාටනවා කියමින් ලැප් ඒක නතර කරන්නට කී බෝඩ් ඒක නිවා මවුස් මීයා අතට ගෙන තඳ කළේ ය.

