2026-2030 මත්ද්රව්ය මර්දන ජාතික සැලැස්ම එළිදකියි: මත්ද්රව්ය උවදුර පරාජය කිරීම ජාතික ප්රමුඛතාවක්!
පවුල් ඒකකයේ සිට රටේ ආරක්ෂාව දක්වා මත්ද්රව්ය තර්ජනයක්!
ඒකාබද්ධ මෙහෙයුමක අවශ්යතාව අග්රාමාත්යවරිය පෙන්වා දෙයි!
මත්ද්රව්ය නිවාරණයට බිම් මට්ටමේ සිට නව ජාතික ප්රවේශයක්!
මත්ද්රව්ය මර්දනය වැඩසටහන්වලට පමණක් සීමා නොකර ජාතික ප්රමුඛතාවක් ලෙස ක්රියාවට නැංවිය යුතුයි – අග්රාමාත්ය හරිනි අමරසූරිය
රටේ පවතින මත්ද්රව්ය ගැටලුවට විසඳුම් සෙවීම තවත් එක් වැඩසටහනකට පමණක් සීමා නොකර, එය ජාතික ප්රමුඛතාවක් ලෙස සලකා බිම් මට්ටමේ සිට ප්රතිඵල ළඟා කර ගැනීමට කටයුතු කළ යුතු බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළා ය.
කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු “2026–2030 මත්ද්රව්ය භාවිතා කරන්නන් කළමනාකරණය, ප්රතිකාර සහ පුනරුත්ථාපන ජාතික උපාය මාර්ගික සැලැස්ම” පිළිබඳ දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
මෙහිදී අග්රාමාත්යවරිය මෙසේ ද කීවාය.
මත්ද්රව්ය නිවාරණය සඳහා නීතිය ක්රියාත්මක කිරීමට මෙන්ම ප්රතිකාර සහ පුනරුත්ථාපනයට ද සමාන ප්රමුඛතාවයක් ලබා දිය යුතුයි.
ළමුන්, ගර්භනී කාන්තාවන් සහ බන්ධනාගාර රැඳවියන් වැනි අවදානමට ලක්විය හැකි කණ්ඩායම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමේ අවශ්යතාවයි.
මත්ද්රව්ය උවදුර පවුල් ඒකකයේ සිට රටේ ආරක්ෂාවට එල්ල වන බරපතල තර්ජනයක් බැවින්, වගකිවයුතු මාධ්ය වාර්තාකරණය සහ මහජන දැනුවත් කිරීම අත්යවශ්ය ඇය කීවාය.

