එළඹෙන අලුත් අවුරුදු සමයේ සහල් හිඟයකින් තොරව, සහන මිලට ජනතාවට සහල් ලබාදීමේ දැවැන්ත වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර ඇත. 2013 වසරේ සිට අත්හැර දමා තිබූ මරඳගහමුල රජයේ සහල් ගබඩා සංකීර්ණය වසර 13කට පසු යළි ක්‍රියාත්මක කරමින් සහල් තොග රැස්කිරීම අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සිදු කර තිබේ.
මේ අනුව අනුර සමඟ රට පෙරට කිර ඉතිරෙන වසන්තයක් සඳහා ගමන් කරමින් මිල සහනයක් ජනතාවට ලබා දී ඇත.
කැකුළු සහල් රුපියල් 200ට අඩුවෙන් සහ නාඩු සහල් රුපියල් 210 – 220 සීමාවේ පවත්වා ගැනීමට රජය සමත් වී ඇත.
රජය මිලදී ගත් වී මෙට්‍රික් ටොන් 50,000ක් සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීම අරඹා තිබේ.
දිනකට සහල් මෙට්‍රික් ටොන් 300කට අධික ප්‍රමාණයක් ලංකා සතොස සහ සමූපකාර හරහා ජනතාවට නිකුත් කෙරේ.
එළඹෙන මහ කන්නයේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂයකට වඩා මිලදී ගනිමින් ගොවියාත් පාරිභෝගිකයාත් සුරකින බව රජය අවධාරණය කර සිටියේ ය.
“2024 තිබූ සහල් අර්බුදය අවසන් කර, ගොවියාට සහතික මිලකුත් පාරිභෝගිකයාට සහන මිලකුත් ලබාදීම අපේ අඛණ්ඩ සැලසුමයි.”
— වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ කීවේ ය.-

