‘ආරෝග්‍යා’ ව්‍යාපෘතිය නිසා ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමේ අවදානමක ක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඔවුහු දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට ගමන් කළ හොත් රටේ සෞඛ්‍ය බරපතල  තත්ත්වය අසනීප විය හැකි බව සංගමය තරයේ ප්‍රකාශ කර සිටියේ ය.

රජය විසින් ක්‍රියාත්මක කරන ‘ආරෝග්‍යා’ දේශපාලන ව්‍යාපෘතිය හේතුවෙන් මෙරට ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ බරපතල අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අනතුරු අඟවයි.

සත්‍ය ගැටලුවලට විසඳුම් ලබා දීම වෙනුවට රජය සිදු කරන්නේ මහජන බදු මුදල් කාබාසිනියා කරන දේශපාලන සංදර්ශනයක් බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා අවධාරණය කළේය.

වෛද්‍යවරුන් ඇතුළු මානව සම්පත් හිඟය, ඖෂධ හා උපකරණ හිඟය සහ රෝගී සත්කාර සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නොමැතිකම වර්තමාන සෞඛ්‍ය සේවාවේ ප්‍රධාන ගැටලු බව GMOA පෙන්වා දෙයි.

එහෙත්, පවතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ ප්‍රාදේශීය රෝහල් ජාලය ශක්තිමත් කරනවා වෙනුවට, රජය ‘ආරෝග්‍යා’ වැනි විද්‍යාත්මක පදනමකින් තොර ව්‍යාපෘති හරහා දේශපාලන ලකුණු දමා ගැනීමට උත්සාහ කරන බවට එම සංගමය චෝදනා කරයි.

වර්ජනය කිරීම ලඟදීම?

 ‘ආරෝග්‍යා’ ව්‍යාපෘතිය යටතේ පැවැත්වෙන සියලුම සෞඛ්‍ය කඳවුරු සහ සායන කටයුතුවලින් වෛද්‍යවරුන් ඉවත් වීමට තීරණය කර ඇත.

ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ සැබෑ ගැටලු සහ විසඳුම් ඇතුළත් කමිටු වාර්තාව 2026 මාර්තු 17 වන දින පැවැත්වෙන හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමට ඉදිරිපත් කෙරෙන් බව ද සංගමය කියා සිටියේ ය.

තීරණාත්මක තීන්දු මෙන්න!

පද්ධතියේ ඉදිරි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් වන තීරණාත්මක තීන්දු රැසක් මෙම රැස්වීමේදී ගැනීමට නියමිතය.

කිසිදු ශක්‍යතා අධ්‍යයනයකින් තොරව සිදුකරන මෙවැනි ව්‍යාපෘති “ගඟට ඉණි කැපීමක්” බඳු ඵල රහිත ක්‍රියාවක් බවත්, මින් සිදුවන්නේ මෙරට ජාත්‍යන්තර සම්මානිත සෞඛ්‍ය සේවාව විනාශ කිරීමක් බවත් වෛද්‍ය සුගතදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.

Share.
Leave A Reply