@ රට වටා පොලිස් පුවත්

📍 අයගමදී අබිරහස් ඝාතනයක්!

අයගම, දූල්ගල ප්‍රදේශයේදී 49 හැවිරිදි කාන්තාවකගේ ගෙල කපා කුරිරු ලෙස ඝාතනය කර තිබේ. සැකකරුවන් සොයා පුළුල් විමර්ශන ඇරඹේ.

📍 කඩුවෙලදී අවි ගබඩාවක් කොටු වෙයි!

වැලිවිටදී සිදුකළ වැටලීමකදී බෝර 12, රයිෆල් අවි සහ ටී-56 පතොරම් 50ක් සමඟ 48 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට.

📍 රත්නපුරේදී මත්ද්‍රව්‍ය ජාලයක් හෙළිවේ!

අයිස්, ඈෂ්, කුෂ් සහ මත්පෙති තොගයක් සමඟ 27 හැවිරිදි තරුණයෙකු පොලිස් විශේෂ කාර්යංශයේ දැලේ.

📍 දැවැන්ත මත්පැන් වැටලීම්!

හලාවත සහ කඩුවෙල ප්‍රදේශවලදී ගෝඩා ලීටර් 1000කට අධික ප්‍රමාණයක් සහ නීති විරෝධී මත්පැන් බෝතල් 250කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට. 18ක තරුණයෙක් සහ 60ක කාන්තාවක් ඇතුළු පිරිසක් කොටුවේ.

📍 මාරක රිය අනතුරු 03ක්!

මාතර: පාර අයිනේ සිටි කාන්තාවක් ලොරි රථයක ගැටී ජීවිතක්ෂයට.

හලාවත: යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් ලොරි රථයකට යටවී මරුට.

මාලිම්බඩ: පාලනයෙන් ගිලිහුණු කැබ් රථයක් ලොතරැයි කුටියක ගැටී 80 හැවිරිදි වෙළෙන්දෙකු මියයයි.

Share.
Leave A Reply