සී-නෝර් — නෝත්සී ඒකාබද්ධ මෙහෙයුමෙන් මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනයට පියවරගෙන තිබේ. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ දායකත්වය මේ සඳහා ලැබේ. කොළඹ හා යාපනයේ යාත්‍රාංගණ දෙකකින් නව බෝට්ටු නිෂ්පාදනය සිදු කෙරේ.
දිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් දිවයින පුරා ධීවර ප්‍රජාවට සිදු වූ විනාශකාරී හානිය මාස හයක (06) කෙටි කාලයක් තුළ සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමේ අභියෝගාත්මක මෙහෙයුමක් ධීවර අමාත්‍යාංශය යටතේ දියත් කර තිබේ.
එහි ප්‍රථම සන්ධිස්ථානය ලෙස දිස්ත්‍රික්ක නවයක (09) මිරිදිය ධීවර ඔරු 239ක් මේ වන විට සාර්ථකව අලුත්වැඩියා කර අදාළ ධීවර ජනතාව වෙත භාර දී අවසන් බව සී-නෝර් (Cey-Nor) පදනම සහ නෝත්සී (North Sea) ආයතනයේ සභාපති අජිත් එදිරිසිංහ මහතා පැවැසීය.

