“රටම එකට” මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුම: සැකකරුවන් 925ක් අත්අඩංගුවට; හෙරොයින් සහ අයිස් කිලෝ ග්‍රෑම් 3කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට
කොළඹ – දිවයින පුරා ක්‍රියාත්මක වන “රටම එකට” (යුක්තිය) ජාතික මත්ද්‍රව්‍ය මර්ධන මෙහෙයුම යටතේ ගතවූ පැය 24 තුළ සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 925 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
2026 මාර්තු 09 වන දින සිදුකළ මෙම මෙහෙයුම්වලදී හෙරොයින්, අයිස් සහ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.
වැටලීම්වල ප්‍රගතිය සහ සොයාගත් මත්ද්‍රව්‍ය
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ප්‍රෙඩ්රික් බුට්ලර් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ වාර්තාවට අනුව, සොයාගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහත පරිදි වේ:
හෙරොයින්: කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 107ක් (වැටලීම් 285ක්)
අයිස් (Ice): කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 994ක් (වැටලීම් 389ක්)
ගංජා: කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 163ක්
ගංජා පැළ: 55,229ක්
අනෙකුත්: හෂීෂ්, මාවා, මදන මෝදක සහ මත්පෙති ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.
නීතිමය පියවර
මුළු වැටලීම් 927ක් සිදුකර ඇති අතර, එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මෙසේය:
රඳවා ගැනීමේ නියෝග: සැකකරුවන් 11 දෙනෙකු සම්බන්ධයෙන් රඳවා ගැනීමේ නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
පුනරුත්ථාපනය: මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 10 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
මුළු සැකකරුවන්: මෙහෙයුම තුළදී පුද්ගලයින් 925 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
2025 ඔක්තෝබර් 30 වන දින ආරම්භ කරන ලද මෙම “රටම එකට” මෙහෙයුම, මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, ඉල්ලුම අවම කිරීම සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම යන අරමුණු පෙරදැරි කරගෙන ක්‍රියාත්මක වේ.
පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා මෙම මෙහෙයුම් තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය අවධාරණය කරයි.
———————————————————————————
සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව!
පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන (Certificate in Introductory Media Communication Ethics)
මාධ්‍ය අධ්‍යයන පුහුණුව | News & Image Organization
ඕනෑම අයකුට 2026 ඔබගේ අයදුම්පත පිරවීමට හැක News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.
නිවැරදිව ලියාපදිංචි කළ අයදුම්පත් ඩවුන්ලෝඩ් කිරීමෙන් පසු
👉 WhatsApp කරන්න: 070 375 0478 | 072 393 0751 (මෙම අංක සඳහා පමණි)
🚨 Register Now — FREE ⚠️ WhatsApp ලියාපදිංචි වීම සීමිතයි 👉 දැන්ම ලියාපදිංචි වන්න!
මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ
වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA

