දැනුම් දීම: අභියාචනාධිකරණයේ ඓතිහාසික තීන්දුව සහ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ විශේෂ සාකච්ඡාව

පසුගියදා අභියාචනාධිකරණය විසින් ලබා දුන්, මාධ්‍ය ආයතන “පොදු අධිකාරියක්” ලෙස නම් කිරීමේ තීන්දුව, ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) සහ මාධ්‍ය වගවීම පිළිබඳව ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකි.

ගුවන් තරංග (Public Airwaves) මහජන දේපළක් ලෙස පිළිගැනීම සහ පුද්ගලික මාධ්‍ය ආයතන පවා නීතියට යටත් විය යුතු බවට මෙම තීන්දුවෙන් සනාථ වේ. මෙම නීතිමය පසුබිම සහ එහි ප්‍රායෝගික බලපෑම පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීම සඳහා 2026/03/13 දින පැවැත්වෙන විශේෂ දේශනය සඳහා සහභාගී වීමට සියලු සිසුන් වෙත ආරාධනා කරමු.

📅 දිනය: 2026 මාර්තු 13 (සිකුරාදා)
*👨‍🎓  කර්තෘ | ප්‍රධාන කර්තෘ | ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි | පිටපත් රචක | රූපවාහිනී හා වේදිකා රංගන ශිල්පී | නාට්‍ය අධ්‍යක්ෂක | මාධ්‍ය සහ ප්‍රචාරණ උපදේශක, 
දර්ශනපති දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ මහතා සමග*
⏰ වේලාව: සවස 1:30 සිට 5:00 දක්වා
📍  ස්ථානය: කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරය

සාකච්ඡාවට අදාළ කරුණු:

අභියාචනාධිකරණ තීන්දුවේ නීතිමය පදනම සහ වැදගත්කම.

“පෞද්ගලික ආයතනයක්” සහ “පොදු අධිකාරියක්” අතර ඇති වෙනස හා නීතිමය අර්ථකථනය.

තොරතුරු දැනගැනීමේ පනත (RTI Act) සහ මාධ්‍ය නිදහස අතර සමතුලිතතාවය.

මෙම තීන්දුව මගින් මාධ්‍ය වගවීම සඳහා විවෘත වන නව අවකාශයන්.

සහභාගීත්වය පිළිබඳ උපදෙස්:

 

සම්බන්ධ වීම: මෙම දේශනය සජීවීව සහ Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

සූදානම් වීම: මෙම නඩු තීන්දුවට අදාළව ඔබේ මනසේ ඇති ගැටළු, නීතිමය කරුණු හෝ අවිනිශ්චිතතා සටහන් කරගෙන ඒමට කාරුණික වන්න. සජීවී සාකච්ඡාවකදී ප්‍රායෝගිකව කරුණු විමසීමට අවස්ථාව ලබා දෙනු ඇත.

මෙම ඓතිහාසික තීන්දුව පිළිබඳව අධ්‍යයන මට්ටමින් ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමටත්, ඔබේ ගැටළු නිරාකරණය කර ගැනීමටත් මෙම අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නා ලෙස දන්වා සිටිමු.

මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයින්ගේ මඟපෙන්වීමෙන් ඇරඹි ඒ වෘත්තීයමය ගමන් මඟෙහි 05 වන දින පියවර! 🎬🎙️
ශ්‍රී ලංකාවේ ජන සන්නිවේදන අධ්‍යාපනයේ පීතෘවරයෙකු බඳු වූ, කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මැතිතුමන්, ප්‍රවීණ නීතිඥ නිමල් ජී. පුංචිහේවා සහ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැනි විද්වතුන්ගේ සහභාගීත්වයෙන් ඇසිදිසි මැදුරේදී ඇරඹි “පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්ම සහ නවක සන්නිවේදන පුහුණු වැඩසටහනේ” ජනප්‍රිය ගීත රචකයෙකු සහ කතුවරයෙකු වන රාජ්‍ය සාහිත්‍ය සම්මානිත ජපානයේ සම්භාවනීය “බුන්කා” සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සමාජ විද්‍යා සහ මානව විද්‍යා අංශයේ  හිටපු දෙපාර්තමේන්තු ප්‍රධානි මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර | ශ්‍රී ලාංකේය රූපවාහිනී සහ ගුවන්විදුලි ක්ෂේත්‍රයේ විශ්වසනීයත්වයේ සලකුණක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සාන් විජේතුංග වැනි විද්වතුන්ගෙන් පෝෂිතව සාර්ථකව පිය නගන  05 වන දිනය සඳහා ඔබ සැමට ආරාධනා…!

නවීන මාධ්‍ය කලාව, ආචාරධර්ම සහ තාක්ෂණය පිළිබඳව හදාරන්නට කැමති ඔබ සැම එන්න. හෙට දවසේ වගකීම් සහගත සන්නිවේදකයා ඔබයි!
WhatsApp Chanel හෝ Community ඔස්සේ දී ඇති. උපදෙස් හොඳින් බලන්න කියවන්න විමසිලිමත් වන්න. 
🌐  ලියාපදිංචිය සඳහා පිවිසෙන්න: https://newsandimage.org/media-studies-training/

ආසනය වෙන් කිරීම සඳහා ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වේ. 
ආසනය වෙන් කිරීම සඳහා ලියාපදිංචි වූ පසු ඔබගේ ලියාපදිංචි අංකය අප වෙත වට්සැප් කර තබන්න.  ස්තුතියි…! 
උදාහරණ : – Registration No EWOL-0333
පැමිණ සහභාගිී වීමට ඔබ (ඔබේ  ලියාපදිංචි අංකය –  මාර්තු 13 වන දින දේශනයට ආසනයක් වෙන් කරන්න.)  ලෙසට  0703750538 අංක වලට පමණක් , WhatsApp   වට්සැප් කර තබන්න. 
Zoom තාක්ෂණයෙන් සම්බන්ධ වීමට සහ වැඩි විස්තර දැනගැනීමට WhatsApp Chanel හෝ Community වලට එකතු වන්න.
ලියාපදිංචි වූ සෑම අයදුම් පත්‍ර ලාභියෙක්ම අප ලබා දී ඇති උපදෙස් පරිදි සෑම විටම කටයුතු කළ යුතුයි. ඔබගේ දේශන සඳහා සහභාගිත්වන් තහවුරු වනුයේ අප ලබා දී ඇති පරිදි උපදෙස් පරිශීලනය කරමින් ඒ ආකාරයෙන් කටයුතු කිරීම තුළිනි එය අනිවාර්යෙන් ඔබගේ දේශන සහභාගිත්වය පිළිබඳව තහවුරු කර ගැනීමට ප්‍රධාන නිර්ණායකය වන බව කාරුණිකව මතක් කර සිටිමි. එම නිසා,  වැඩසටහන සඳහා, ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය සියලු තොරතුරු ඇතුළත් කර බෙදා හරින මෙම සමූහය සමඟ නිරන්තරව රැඳී සිටින ලෙසට විමසිලිමත් වන්නන්ට උපදෙස් ලබා දෙන්න. එම නිසා ඔබත් මෙම සමූහයට එකතු වී සිටින්න. මෙම සමූහය තුළ ඔබගේ WHATSAPP අංකය පොදු සාමාජික සාමාජිකාවන්ට නොපෙන්වන බැවින් ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂාව වනු ඇත.
Follow the 🎥📢🎙 Media Training EWOL🎬📰📚✨ channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb5yrkR9MF8rsF5gzm23

🎓✨ සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව!
🎓📚 ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන
(Certificate in Introductory Media Communication Ethics) ✨
https://newsandimage.org/media-studies-training/

News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එය පිරවීම මගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.
සෑම විටම අයදුම් පත්‍රය පිරවීමට පෙර ඒ සඳහා යොමු කර ඇති වීඩියෝව බලා ඔබ හොඳ අවබෝධයක් ලබාගන්න.  විශේෂයෙන් ඡායාරූප ඇතුළත් කිරීම පිළිබඳව නිවැරදිව අවබෝධයක් ලබාගන්න.
උපදෙස් 01 හොඳින් බලන්න කියවන්න විමසිලිමත් වන්න

https://whatsapp.com/channel/0029Vb5yrkR9MF8rsF5gzm23/266

උපදෙස් 02 හොඳින්  බලන්න කියවන්න විමසිලිමත් වන්න

https://whatsapp.com/channel/0029Vb5yrkR9MF8rsF5gzm23/265

උපදෙස් 03 හොඳින් බලන්න කියවන්න විමසිලිමත් වන්න

https://whatsapp.com/channel/0029Vb5yrkR9MF8rsF5gzm23/264

යම් හෙයකින් ඔබේ අයදුම්පත පුරවා අවසන් වූ පසු එහි ඡායාරූපය හෝ වැරදීමක් හෝ වැරදි තොරතුරක් හෝ එම අයදුම්පත්‍රයේ ඇතුළත් විස්තරයක් වෙනස් කිරීමට අවශ්‍ය නම් කරුණාකර වෙනස් කළ යුතු අයදුම් පත්‍රයෙහි වෙනස් කළ යුතු ස්ථානයන් ලකුණු කර  තම අයදුම් පතෙහි ඇතුළත් කළ යුතු නව දත්ත වෙනම සටහන් කර  අප වෙත 0703750478 | 0703750538 | 0783930551 අංක වෙත වට්සැප් කරන්න. ඔබ නැවත අයදුම්පතක් පිරවීමට හෝ එය වෙනස් කිරීමට උත්සාහ නොකරන්න එමඟින් ඔබගේ අයදුම්පත ප්‍රතික්ෂේප විය හැක.
If you need to change any of the details in your application form after filling it out, please mark the areas to be changed on the application form and write down the new details to be entered in your application form separately and WhatsApp us on 0703750478 | 0703750538 | 0783930551. Do not attempt to fill out or change the application form again as this may result in your application being rejected.
Read Instructions 01 | 02 | 03 Carefully

 

 

 

 

 

 

 

01. 

https://www.youtube.com/live/pOGZ33hJQdc?si=d_3nlZhKn-m4Sdl5

 

02. 

https://www.youtube.com/live/pOGZ33hJQdc?si=h4KSHW-npTxarDRY

 

03. 

https://youtu.be/xULsyT7WM98?si=mQpwklY2Zjj8-Jr_

 

04. 

https://youtu.be/pu4oYqfEG6o?si=111V_7upNVtzx7e3

 

5. 

https://youtu.be/Wr6NRv5010E?si=He4HxcCdLnUnaahi

 


මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ

වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA


Share.
Leave A Reply