මහා චාර්ය ජී. එල්. පීරිස්

මැදපෙර දිග ප්‍රදේශයේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට සෘජු හා බරපතළ ආර්ථික බලපෑම් ඇතිවිය හැකි බව හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහා චාර්ය ජී. එල්. පීරිස් මහතා  පවසයි.

හෙතෙම ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියක් මගින් මේ බව ප්‍රකාශ කර තිබේ. ජනපතිවරයාට යොමු කරන ලද ලිපියේ මෙසේ ද සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් වන්නේ, මෙම අර්බුදය ශ්‍රී ලංකාවට අවම වශයෙන් ප්‍රධාන පැතිකඩ හතරකින් බලපාන බවයි.

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම නුදුරේදී දේශීය වෙළඳපොළට ද බලපාමින් ජීවන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ඔහු සඳහන් කරයි.

එමඟින් දැනටමත් ආර්ථික දුෂ්කරතාට මුහුණ දෙන මහජනතාවට තවත් පීඩනයක් ඇතිවිය හැකි බවද ඔහු අවධාරණය කර ඇත.

යුදමය ක්‍රියාකාරකම් පවතින කලාපවලට අයත් විවේචනාත්මක වෙළඳපොළවලට ප්‍රවේශ වීමේ අපහසුතා හේතුවෙන්, විශේෂයෙන් තේ වැනි භාණ්ඩ සම්බන්ධයෙන් අපනයන ආදායම් අඩුවීමේ අවදානමක් පවතින බවද ඔහු පෙන්වා දෙයි.

යුරෝපය, උතුරු ඇමරිකාව සහ ගල්ෆ් ප්‍රදේශවලින් පැමිණෙන සංචාරකයන් ගුවන් ගමන් සම්බන්ධ ගැටලු හේතුවෙන් සංචාර අවලංගු කිරීමත් සමඟ, හෝටල් ක්ෂේත්‍රයට ද දැඩි බලපෑමක් එල්ල වී ඇති බවද ලිපියේ සඳහන් වේ.

ගල්ෆ් ප්‍රදේශය ඇතුළු කලාපවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන විදේශ මුදල් ප්‍රේෂණද මෙම තත්ත්වය හේතුවෙන් අනතුරට ලක්විය හැකි බව ද ඔහු අවධාරණය කර ඇත.

මෙම බහුපාර්ශ්වීය අර්බුදයට මුහුණ දීම සඳහා ජාතික හිතසරණීභාවය මත රජයට අවශ්‍ය ඕනෑම සහාය ලබාදීමට සූදානම් බවද ඒ්  මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

එසේම, රජයේ ප්‍රවේශය පිළිබඳ මූලික තොරතුරු මහජනතාවට හෙළිදරව් කරමින් ජනතාවගේ දැනුවත් සහභාගීත්වය සලසන ලෙසද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

Share.
Leave A Reply