දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම සහ ව්‍යාප්තිය මැඩපැවැත්වීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන “රටම එකට” ජාතික මෙහෙයුමේ 2026 මාර්තු 01 දිනට අදාළ දෛනික වාර්තාව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කර තිබේ.
මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, ඉල්ලුම අවම කිරීම සහ ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම ඇතුළු බහුවිධ ප්රවේශයන් ඔස්සේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ. එම වාර්තාවට අනුව, මාර්තු 01 දින සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 1286 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සමස්ත වැටලීම් සංඛ්‍යාව 1290ක් ලෙස වාර්තා වේ.
එදින අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන්:
| මත්ද්‍රව්‍ය වර්ගය | ප්‍රමාණය (Kg / g / mg) |
|---|---|
| හෙරොයින් | 428 g / 417 mg |
| අයිස් (ICE) | 702 g / 417 mg |
| කොකේන් | 05 g / 785 mg / 02 mg |
| ගංජා | 01 Kg / 450 g |
| ගංජා පැල | 2129 |
| කුෂ් (Kush) | 001 g |
| හෂිෂ් (Hashish) | 400 g |
| මත්පෙති | 278 g / 102 mg |
| මදනමෝදක | 849 g / 440 mg |
| මාවා | 600 g |
එමෙන්ම, වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් 04 දෙනෙකුට රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර, පුද්ගලයින් 02 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇත.
—————————————————————–
මාධ්‍ය ක්ෂේත්රයේ දැවැන්තයින්ගේ මඟපෙන්වීමෙන් ඇරඹි ඒ වෘත්තීයමය ගමන් මඟෙහි හතරවන දින පියවර! 🎬🎙️ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මැතිතුමන්, ප්‍රවීණ නීතිඥ නිමල් ජී. පුංචිහේවා සහ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැනි විද්වතුන්ගේ සහභාගීත්වයෙන් ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී ඇරඹි “පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්ම සහ නවක සන්නිවේදන පුහුණු වැඩසටහනේ” සාර්ථකව පිය නගන හතරවන දිනය සඳහා ඔබ සැමට ආරාධනා…!
📅 දිනය: 2026 මාර්තු 06 (සිකුරාදා)
👨🎓 කර්තෘ | ප්‍රධාන කර්තෘ | ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි | පිටපත් රචක | රූපවාහිනී හා වේදිකා රංගන ශිල්පී | නාට්‍ය අධ්‍යක්ෂක | මාධ්‍ය සහ ප්‍රචාරණ උපදේශක, දර්ශනපති දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ මහතා සමග
🎭 ප්‍රවීණ නිදහස් මාධ්‍යවේදි, වාර්තා චිත්‍රපට නිෂ්පාදක සහ බීබීසී සිංහල සේවයේ ආරම්භක සාමාජික, ලේඛක නන්දන වීරරත්න මහතා සමග
📡 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි කොල්වින් ජයවීර මහතා
⏰ වේලාව: සවස 1:30 සිට 5:00 දක්වා
📍 ස්ථානය: කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරය
🌐 ලියාපදිංචිය සඳහා පිවිසෙන්න: https://newsandimage.org/media-studies-training/
0703750478 | 0703750538 | 0783930551 ___________________________________________
මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ
වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA

