Share Facebook Twitter LinkedIn Pinterest Email WhatsApp මූල්‍යමය පරිත්‍යාගයක් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ජාතික ලොතරැයි මණ්ඩලය විසින් රුපියල් මිලියන 25ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය. ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්. ඩී. සිරිල් ඇන්තනි පෙරේරා මහතා විසින් ඊට අදාළ චෙක්පත අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වන ලදී. ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඒ. එම්. අරීෆ්, ප්‍රධාන මූල්‍ය නිලධාරී ටී. ඩී. රසිකා ප්‍රබෝධිනී, සහකාර සාමාන්‍යාධිකාරි (අලෙවි) කසුන් කුරුදුකුඹුර යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ. Post Views: 1