අ.පො.ස. (සා.පෙළ) විභාගය – 2025 (2026): උපකාරක පන්ති සහ සම්මන්ත්රණ පැවැත්වීම තහනම් කෙරේ
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2025 වසරට අදාළ (2026 වසරේ පවත්වනු ලබන) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් උපකාරක පන්ති සහ සම්මන්ත්රණ පැවැත්වීම තහනම් කිරීමට පියවර ගෙන ඇත.
මෙම තහනම 2026 පෙබරවාරි මස 11 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තෙක් ක්‍රියාත්මක වේ.
විභාග කාලසටහන
විභාගය පැවැත්වෙන දිනයන්: 2026.02.17 සිට 2026.02.26 දක්වා.
විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව: මධ්‍යස්ථාන 3,545 ක්.
තහනම් කර ඇති ක්‍රියාකාරකම්
1968 අංක 25 දරණ ප්‍රසිද්ධ විභාග පනත යටතේ පහත සඳහන් දෑ සපුරා තහනම් වේ:
විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම සහ මෙහෙයවීම.
විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු සංවිධානය කිරීම.
අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සහ බෙදා හැරීම.
විභාග ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා හෝ විද්‍යුත්/මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ ළඟ තබා ගැනීම.
පැමිණිලි ඉදිරිපත් කිරීම
යම් අයෙක් හෝ ආයතනයක් මෙම නියෝග උල්ලංඝනය කරන්නේ නම්, ඒ පිළිබඳව පහත දුරකථන අංක ඔස්සේ දැනුම් දිය හැක:
| ආයතනය | දුරකථන අංකය |
|---|---|
| ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය |
1911
|
| පොලිස් හදිසි ඇමතුම් අංකය |
119
|
| පොලිස් මූලස්ථානය |
011 2421111
|
| පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව |
011 2784208 / 011 2784537
|
මෙම නිවේදනය විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.
————————————————–
සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව!
පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන
(Certificate in Introductory Media Communication Ethics)
ඕනෑම අයකුට 2026 පෙබරවාරි මසට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.
මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ
වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA

