ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ගම්පහ දිස්ත්‍රික් නිදහස් දින සැමරුම් උත්සවය අද (04) පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.
මෙම උත්සවය පැවැත්වුණේ ගරු ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. ශිෂ්‍ය භට හමුදා උත්තමාචාර මධ්‍යයේ රතු පළස මතින් උත්සව අවස්ථාවට සහභාගී වූ ප්‍රධාන අමුත්තා ඇතුළු අවස්ථාවට සම්ප්‍රාප්ත වූ ආරාධිතයින්ව හමුදාව උත්තමාචාර මධ්‍යයේ සම්ප්‍රදානුකූලව ජාතික ධජය එසවීමෙන් පසු ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ දරු දැරියන් විසින් ජාතික ගීය සහ ජයමංගල ගාථා ගායනා කරන ලදී. පිළිගැනීමෙන් අනතුරුව සම්ප්‍රදානුකූලව ජාතික ධජය එසවීම සිදු කෙරිණි.
දේශය වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර විරුවන් සිහිපත් කරමින් නිශ්ශබ්දතාවයක්ද පවත්වන ලදී.
සැමරුම් උත්සවය අමතමින් ප්‍රධාන අමුත්තා ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රකාශ කළේ, මවුබිම සමෘද්ධිමත් දේශයක් කරා ගෙන යාම සඳහා රාජ්‍ය සේවය ඇතුළු සියලු පුරවැසියන් එකාවන්ව අත්වැල් බැඳ ගනිමින් කටයුතු කළ යුතු බවයි.
එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් මාතෘභූමිය යළි ගොඩනැගීම සඳහා රජය තිර අදිටනින් කැපවී කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.
මෙම අවස්ථාවට සමගාමීව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක්ද සංවිධානය කර තිබුණි.
උත්සවයට ගරුතර ස්වාමීන් වහන්සේලා ඇතුළු සර්ව ආගමික පූජකවරුන්, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ මහතා, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා, ගම්පහ නගරාධිපති එරික් එදිරිවික්රම මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන ජේ.ඩබ්ලිව්.එස්. කිත්සිරි මහතා, ආසිරි වීරසේකර මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් නිලන්ති කුමාරි මහත්මිය, ගම්පහ ප්‍රාදේශීය ලේකම් නදීෂානි අමරසිංහ මහත්මිය ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආයතන ප්‍රධානීන්, ශ්‍රී ලංකා යුද හමුදා සහ ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරීන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
————————————————–
සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව!
පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන
(Certificate in Introductory Media Communication Ethics)
ඕනෑම අයකුට 2026 පෙබරවාරි මසට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.
මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ
වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA

