@මිනි පෙට්ටියක් සකස් කිරීමට දිග පළල ඉල්ලමින් මරණීය තර්ජන!
@ ‘මිනි පෙට්ටියක් සාදන්න’ කියමින් ලැබුණු හරි පුදුම මරණීය දුරකථන ඇමතුම
මිනි පෙට්ටිය නාමයෙන් එල්ල වූ බරපතළ මරණීය තර්ජන
@ නිරිනාමික ඇමතුමකින් මරණය දක්වා ගිය තර්ජන කතාව
@මරණය පෙර දැනුම් දුන් මිනි පෙට්ටියක තර්ජන කතාව
@නිදහස් දිනයේ රට ම මවිතයට පත් කරන මිනි පෙට්ටියක තර්ජන කතාව මෙන්න!
මිනි පෙට්ටියක් සාදන්න දිග පළල ඉල්ලමින් මරණීය තර්ජන – සන්ධ්‍යා එක්නැලිගොඩ මාධ්‍යයට එළියට මෙන්න කතාව!
මිනි පෙට්ටියක් සාදා දීමට අවශ්‍ය බව සඳහන් කරමින් තම ශරීරයේ දිග හා පළල ලබා දෙන ලෙස ඉල්ලූ මරණීය තර්ජන සහිත දුරකථන ඇමතුමක් ලැබුණු බවට සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ප්‍රකාශ කළාය.
ඇය පවසන්නේ 2026 ජනවාරි 16 වැනි දින සවස 3.00ට පමණ තම දුරකථනයට ලැබුණු එම ඇමතුම හරහා, මිනී පෙට්ටියක් සකස් කිරීමේ නාමයෙන්, බරපතළ තර්ජනාත්මක ආකාරයට නිරිනාමිකවූ දුර කථන ඇමතුක් ලැබුණු බව ඇය කීවාය.
එම සංවාදය තුළ අධිකරණ පද්ධතියටද අගතියට පත් කරන ආකාරයේ ප්‍රකාශ ඇතුළත් වූ බවත්, එය තම ජීවිත ආරක්ෂාවට දැඩි අනතුරක් බවත් ඇය සඳහන් කළාය.
මෙවැනි තර්ජන හමුවේ සාමාන්‍ය පුරවැසියෙකුට ජීවිතය ගත කිරීම අසීරු වන බවත්, නීතියේ පාලනය පිළිබඳ ජනතා විශ්වාසය කඩවන ආකාරයේ සිදුවීම් මෙසේ සිදු වීම බරපතළ කරුණක් බවත් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අවධාරණය කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පොලිස් කොට්ඨාසයට (වින්දිත හා සාක්ෂිකරු ආරක්ෂණ පොලිස් කොට්ඨාසය) දැනුම් දුන් බව ඇය වැඩිදුරටත් කීවාය
අදාළ මරණීය තර්ජන, එහි පසුබිම සහ අධිකරණ පද්ධතියට සිදු වූ බව කියන අගතිය පිළිබඳව එම රැස්වීමේදී වැඩිදුර කරුණු අනාවරණය කිරීමට නියමිත බවද සඳහන්ය.
මෙවැනි මරණීය තර්ජන සම්බන්ධයෙන් වහාම නිසි පරිදි පරීක්ෂණයක් සිදු කළ යුතු බවත්, ජනතාවගේ ආරක්ෂාව සහ නීතියේ පාලනය තහවුරු කිරීම සඳහා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත් සිවිල් සමාජයේද අවධානයට මේ සඳහා යොමු වියි යුතු බවද ඇය කීවාය.
කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සියලු තොරතුරු මාධ්‍යයට හෙළි කිරීම සඳහා මාධ්‍ය දැනුවත් කිරීමේ රැස්වීමක් පෙබරවාරි 5 වැනි දින දහවල් 12.00ට කොළඹ බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිත බව ද ඇය කීවා ය.

