‘රටම එකට’ මෙහෙයුම: ගතවූ පැය 24 තුළ සැකකරුවන් 716ක් අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක වන ‘රටම එකට’ ජාතික මත්ද්‍රව්‍ය මර්ධන මෙහෙයුම යටතේ 2026.01.30 වන දින සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් 716 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

 

 

2025 ඔක්තෝබර් 30 වන දින ආරම්භ කරන ලද මෙම බහුවිධ මෙහෙයුම, මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, ඉල්ලුම අවම කිරීම සහ ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම යන අරමුණු පෙරදැරිව පොලිස්පතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක වේ.

 

 

වැටලීම්වල ප්‍රගතිය සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය

ගතවූ පැය 24 ක කාලය තුළ මුළු වැටලීම් 718 ක් සිදු කර ඇති අතර, එහිදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහත පරිදි වේ:

 

 

මත්ද්‍රව්‍ය වර්ගය ප්‍රමාණය
ගංජා පැල

168,313

 

 

අයිස් (ICE)

ග්‍රෑම් 518

 

 

හෙරොයින්

ග්‍රෑම් 317

 

 

ගංජා

කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 664

 

 

මාවා

කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 171

 

 

මත්පෙති

164

 

 

මීට අමතරව කුෂ් (ග්‍රෑම් 15), හෂිෂ් (ග්‍රෑම් 63) සහ මදනමෝදක (ග්‍රෑම් 92 මිලිග්‍රෑම් 999) තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

 

 

නීතිමය ක්‍රියාමාර්ග සහ පුනරුත්තාපනය

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 15 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

එක් සැකකරුවෙකුට එරෙහිව නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇත.

 

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් 05 දෙනෙකු පුනරුත්තාපනය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.

 

රට තුළ පවතින මත්ද්‍රව්‍ය ජාවාරම සහමුලින්ම මැඩපැවැත්වීම සඳහා ප්‍රජාව බලගැන්වීමේ සහ නිවාරණ වැඩසටහන් ද මෙම මෙහෙයුමට සමගාමීව දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

 

————————————————– 

සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව! 

පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන 

(Certificate in Introductory Media Communication Ethics) 

මාධ්‍ය අධ්‍යයන පුහුණුව

 

ඕනෑම අයකුට 2026 පෙබරවාරි මස 15 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.


මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ

වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA


Share.
Leave A Reply