පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකළ විශේෂඥ පරීක්ෂාවෙන් පසු හෙරොයින් – කිලෝග්‍රෑම් 184කට අධික ප්‍රමාණයක්, අයිස් – කිලෝග්‍රෑම් 112කට අධික ප්‍රමාණයක් හමු වූ බව තහවුරු වී ඇති බව නාවික හාමුදාව පවසයි.
මෙම වැටලීම, රජයේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ බුද්ධි අංශ එක්ව සිදුකරන මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම්වල ප්‍රබල සාර්ථකත්වයක් ලෙස දැක්විය හැකි බව ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා අවධාරණය කළේ ය.

