ජනාධිපතිගේ යාපන ප්‍රකාශය ගැන එක්සත් ජාතීන්ට පැමිණිල්ලක් සිදු කරන්නේ දෙස් විදෙස් සමස්ත බෞද්ධයන්ගේ ආරක්ෂාවට බවත් මෙය රට හමුවේ බරපතල අනතුරු ඇඟවීමක් යැයි ජන අරගලයේ පුරවැසියෝ සංවිධානයේ  ලේකම් චානක බණ්ඩාර ගුණතිලක  මහතා පවසයි.

කොළඹදී ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ ලේකම් චානක බණ්ඩාර ගුණතිලක මහතා මේ බව සඳහන් කළේය.

2025 ජනවාරි 15 වැනිදා යාපනයේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, විශේෂයෙන්ම එහි ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාවය සහ බෞද්ධ ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට බලපාන බව ඔහු කියා සිටියේ ය.

උතුරු ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථාන වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන බෞද්ධ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වැනි වගන්තිය ප්‍රකාරව පොලිස්පතිවරයා වෙත ඉල්ලීමක් ද ඉදිරිපත් කළ බව රාජපක්ෂ මහතා පැවසී ය.

ජනාධිපතිවරයා විසින් “ජය ශ්‍රී මහා බෝධිය පසුකර යාපනයට පැමිණෙන විට එහි තිබෙන්නේ සීලය නොව වෛරයයි” යන අර්ථයෙන් කළ ප්‍රකාශය ආගමික වෛරය උත්සන්න කිරීමට හේතු විය හැකි බවත්, එය ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තියට සහ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291(ආ) වගන්තියට ද පටහැනි බවත් ඔහු සඳහන් කළේ ය.

මෙම ප්‍රකාශය හේතුවෙන් උතුරු පළාතේ වෙසෙන බෞද්ධ ජනතාවට සහ එහි වන්දනාමාන සඳහා පැමිණෙන බෞද්ධයන්ට අනතුරුකාරී තත්ත්වයක් මතුවිය හැකි බව ද ඔහු අවධාරණය කළේ ය.

ඒ අනුව, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ ද මෙය දඩුවම් ලැබිය හැකි වරදක් බව සඳහන් කළ රාජපක්ෂ මහතා, බෞද්ධ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධයෙන් පොලිස්තිවරයාට ද එක්සත් ජාතින්ගේ  නිත්‍ය නියෝජිත  එකිසත්  ජාතීන්ගේ සංවිධානයට ද,ආරක්ෂක ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යවරයාට ද  නියෝජ්‍ය  පොලිස් පති  වරුණ ජයසුන්දර උතුරු/නැගෙනහිර නියෝජ්‍ය පොලිස්පති,උතුරු මැද  පළාත යන පිරිසටද ලිඛිතව දැනුවත් කළ  බවද හෙතෙම කීය.

Share.
Leave A Reply