රෑකියා දියව් දියව් කිය කියා මින් ඉදිරියට මහමඟ පිකටින් කරන්නේ නැති තත්ත්වයට ආණ්ඩුව රැකියා ලබාදීම විද්‍යාමක ක්‍රමයකට සැලසුම් ක්‍රියාත්මක කරන බව රැකියා විරහිත උපාධි ඒකාබද්ධ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය මහතා පැවසීය.
රජය විසින් රාජ්‍ය සේවය හා ගුරු සේවය සඳහා බඳවා ගැනීමට ගෙන ඇති තීන්දු තීරණ සම්බන්ධයෙන් රැකියා විරහිත උපාධි ඒකාබද්ධ මධ්‍යස්ථානයේ මතය පැහැදිලි කරමින් එහි කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය මහතා (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේය.
ඔහු පැවසූවේ, මෙම සටන 2020 වසරේ සිට ආරම්භ කළ බවත්, විවිධ ආණ්ඩු සමඟ සාකච්ඡා කළද සාධාරණ විසඳුමක් ලබා ගැනීමට අවස්ථාව ලැබුණේ වත්මන් ආණ්ඩුව යටතේ පමණක් බවත්ය.
2026 ජනවාරි මාසයේදී අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති අතර, කිසිවිටෙකත් මහමඟ උද්ඝෝෂණ මගින් නොව සාකච්ඡා මගින් විසඳුමක් ලබාගැනීමට හැකි වූ බවද ඔහු සඳහන් කළේ ය.
ආණ්ඩුව විසින් රජයේ ආයතනවල පවතින පුරප්පාඩු සැලකිල්ලට ගනිමින් විද්‍යාත්මක හා විධිමත් ආකාරයට උපාධිධාරීන්ට රැකියා ලබාදීමට එකඟ වූ බවත්,මේ වන විට එම ක්‍රියාවලිය ක්‍රියාත්මක වන බවත් ඒ් මහතා කියා සිටියේය.
එසේම පාසල් හා විශ්ව විද්‍යාලවල අධ්‍යාපන විෂයන් නවීකරණය කර රැකියා වෙළඳ පොළට ගැළපෙන ආකාරයට සකස් කිරීම සඳහා සංවිධානය විසින් කළ ඉල්ලීම් මේ වන විට ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරමින් පවතින බ වද ඔහු පැවසීය.
පෙබරවාරි මස පළමු වැනිදා සිට අධ්‍යාපන විෂයට අදාළ උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා ගැසට් පත්‍රය නිකුත් කිරීමට රජය පියවර ගෙන ඇති බවත් ඒ සඳහා විශේෂ ස්තූතිය පළ කරන බවත් ඔහු සඳහන් කළේ ය.
දැනට ශ්‍රී ලංකාවේ රැකියා විරහිත උපාධිධාරීන් 25,000 සිට 30,000 අතර පිරිසක් සිටින අතර, එයින් උපාධිධාරීන් 26,344 දෙනෙකු ගුරු සේවයට බඳවා ගැනීම සඳහා නවතම ගැසට් පත්‍රය නිකුත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව ද ඔහු පැවසීය.
ඉදිරියේදී සාපෙළ හා උසස් පෙළ සමත් පිරිස්වලට මෙන්ම උපාධිධාරීන්ට ද ගැළපෙන පරිදි රාජ්‍ය අංශයේ රැකියා විද්‍යාත්මකව ලබාදෙන යුගයක් ඇතිවන අතර, රැකියා නොමැති බව කියමින් උපාධිධාරීන් මහමඟ උද්ඝෝෂණවලට මන් කරන යුගයක් නැවත දැකීමට නොලැබෙන බවද මහේෂ් අඹේපිටිය මහතා අවධාරණය කළේ ය.

