අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා සම්බන්ධයෙන් ඇමති වරයා අදහස් පළ කර ඇත.

ඔහු එම අදහස් සිය සමාජ ජාල ගිණුමක තැබූ සටහනක් මගින් ප්‍රකාශ කර තිබේ. එහිදී අමාත්‍යවරයා සඳහන් කරන්නේ, නන්දන ගුණතිලක මහතාගේ දේශපාලන වටිනාකම තමාගේ ඇගයීම අනුව “ලකුණු බිංදුවක්” බවය.

අදාළ සටහනේදී අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා මෙසේ සඳහන් කර තිබේ.

“නන්දන ගුණතිලක

අපේ පක්ෂය ගොඩගන්න

කැපකිරීම් කළ මිනිසෙකි.

එයට මම ඔහුට දේශපාලන ලකුණු 10ක් දෙමි.

නන්දන ගුණතිලක

පක්ෂය විනාශ කිරීමට

කැපකිරීම් කළ මිනිසෙකි.

එයට මම ඔහුට ඍණ ලකුණු 10ක් දෙමි.

10 – 10 = 0

මට ඔහු බිංදුවයි.”

මෙම අදහස් සමාජ මාධ්‍යවල විවිධ ප්‍රතිචාර ඇති කරමින් පැතිර යමින් පවතී.

(අපුටා ගැනීමකි)

Share.
Leave A Reply