බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ ඩී වාට්ටුවේ රැඳවියන් පිරිසක් ඊයේ (16) රාත්‍රියේ වහලය මතට නැඟී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් බන්ධනාගාරයේ නොසන්සුන්තාවයක් ඇති වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
අදාළ රැඳවියන් බන්ධනාගාර පරිපාලනයට එරෙහිව විරෝධතාවයක නිරත වී ඇති අතර, එම අවස්ථාවේදී බන්ධනාගාර දේපළවලටද හානි සිදුවී ඇති බව සඳහන් වේ.
බන්ධනාගාර නිලධාරීන් සහ පොලිසිය එක්ව කළ මැදිහත්වීමෙන් පසුව තත්ත්වය පාලනය කිරීමට හැකි වී තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධාරණය කළේය.

