නුවරඑළිය, ග්‍රෙගරි වැවේ ගොඩබැස්වීමට සූදානම් වූ සී–ප්ලේන් ගුවන් යානයක් කඩා වැටී තිබේ.
මෙම අනතුරෙන් ගුවන් යානය තුළ සිටි ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
මේ අතර, මෑත කාලය තුළ ශ්‍රී ලංකාවේ වාර්තා වූ ගුවන් අනතුරු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇත.
2020 ජනවාරි 3 දින හපුවත ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Harbin Y-12 වායු යානයක් කඩා වැටීමෙන් එහි සිටි සියලු සාමාජිකයන් සිව්දෙනා මිය ගියහ.
තවද 2025 මැයි මාසයේ මදුරුඔය ප්‍රදේශයේදී පුහුණු මෙහෙයුමක නිරත වූ SLAF Bell-212 හෙලිකොප්ටරයක් කඩා වැටී ගුවන් හමුදා සාමාජිකයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.ඊට අමතරව 2025 මාර්තු 21 දින වාරියපොල අසළදී කඩා වැටුණු SLAF K-8 පුහුණු ජෙට් ගුවන් යානයක ගුවන් නියමුවන් දෙදෙනා ආරක්ෂිතව ඉවතට පැමිණ තිබූ බව වාර්තා විය.ගුවන් විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙවැනි ගුවන් අනතුරු සඳහා ප්‍රධාන වශයෙන් තාක්ෂණික දෝෂ, වයස්ගත ගුවන් යානා භාවිතය, නඩත්තු ගැටලු සහ පුහුණු හෝ ප්‍රයෝගික ගුවන් මෙහෙයුම් අතර ඇති අවදානම් හේතු වන බවයි.
ග්‍රෙගරිවැව සී–ප්ලේන් අනතුර සම්බන්ධයෙන් ද ගුවන් හමුදාව විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

