ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ඔසවා තැබීමේ සහ ජාත්‍යන්තරකරණය කිරීමේ අරමුණින් විදේශීය විශ්වවිද්‍යාල කිහිපයක් සමඟ වසර 5ක කාලසීමාවකට අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

 

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම ගිවිසුම් අත්සන් කෙරේ. ඒ අනුව:

 

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය තායිලන්තයේ මහාමකුට් බෞද්ධ විශ්වවිද්‍යාලය සහ ඉන්දුනීසියාවේ නාලන්දා ආයතනය සමඟ අධ්‍යාපනික හා පර්යේෂණ කටයුතු සඳහා සහයෝගීතාවයෙන් කටයුතු කරනු ඇත.

 

කොළඹ විශ්වවිද්‍යාලය පෝලන්තයේ SGH වෝර්සෝ ආර්ථික විද්‍යා පාසල සමඟ එක්ව ඒකාබද්ධ පර්යේෂණ, සම්මන්ත්‍රණ සහ ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 

ඕනෑම අයකුට 2026 ජනවාරි මස 20 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව! 

පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන (Certificate in Introductory Media Communication Ethics) https://newsandimage.org/media-studie..

News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.


මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ

වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA


Share.
Leave A Reply