
PFP ප්‍රවෘත්ති සේවයේ (News and Image Organization) සභාපති සුමිත් කොඩිතුවක්කු මහතා සෞඛ්‍ය මාධ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි…!
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් සංවිධානය කරන ලද “සෞඛ්‍ය අභිමානී 2025” සම්මාන උළෙලේදී සුමිත් කොඩිතුවක්කු මහතා විශිෂ්ට ඇගයීමකට පාත්‍ර විය. ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය සන්නිවේදනය ශක්තිමත් කිරීම වෙනුවෙන් දක්වන ලද සුවිශේෂී දායකත්වය සහ කැපවීම මෙහිදී අගය කෙරිණි.
අවුරුදු 40කට ආසන්න ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියලී සිටින සුමිත් කොඩිතුවක්කු කොළඹ විශ්ව විද්‍යාලයේ ජන මාධ්‍ය ඩිප්ලෝමාදාරියෙකි. ලංකාදීප, ලේක් හවුස්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති, විශේෂාංග , විමර්ශන, විචාර විදග්ද ලේඛකයෙකි. PFP News Service | News and Image Organization වෙබ් අඩවි මගින් කාලීන පුවත විමසුමට ලක් කිරීම හා විචාරාත්මක ප්‍රඥාවක් ප්‍රජාවට ලබාදී ප්‍රජාවගේ ඥාණය ඥාණ මණ්ඩලයක් හරහා ගෙන යාම ඔහුගේ අරමුණයි.
ලබාගත් ඇගයීම් සහ සම්මාන:
විශිෂ්ටත්වයේ ඇගයීම (Recognition of Excellence): සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (HPB) මගින් පිරිනමන ලද විශේෂ ඇගයීම් සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය.
වැඩිම සහභාගීත්වය (Top Physical Attendee): සතිපතා පවත්වනු ලබන සෞඛ්‍ය මාධ්‍ය හමුව සඳහා (Weekly Media Briefing) භෞතිකව සහභාගී වූ ඉහළම මාධ්‍යවේදියා ලෙස ඔහු විශේෂ සම්මානයක් දිනා ගත්තේය.
සෞඛ්‍ය සන්නිවේදනය සඳහා වූ දායකත්වය: මෙරට සෞඛ්‍ය තොරතුරු මහජනතාව වෙත නිවැරදිව සම්ප්‍රේෂණය කිරීමේ කාර්යභාරය වෙනුවෙන් ඔහුගේ කැපවීම ඇගයීමට ලක්විය.
උළෙලේ විස්තර:
දිනය: 2025 දෙසැම්බර් 29.
ස්ථානය: සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ ශ්‍රවණාගාරය, කොළඹ.
ප්‍රධාන අමුත්තා: සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.
සුමිත් කොඩිතුවක්කු මහතා වෙනුවෙන් කෙරෙන ඇගයීම
“PFP ප්‍රවෘත්ති සේවයේ සභාපති සුමිත් කොඩිතුවක්කු මහතාගේ මෙම ජයග්‍රහණය ඔහුගේ වෘත්තීය ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයකි. සතිපතා පවත්වන සෞඛ්‍ය මාධ්‍ය හමු සඳහා පෞද්ගලිකව සහභාගී වෙමින්, ජනතාව වෙත වගකීම් සහගත තොරතුරු ලබා දීම වෙනුවෙන් ඔහු දැක්වූ කැපවීම අනෙකුත් මාධ්‍ය වෘත්තිකයන්ට ද මහඟු ආදර්ශයකි. රටේ සෞඛ්‍ය සන්නිවේදනය නංවාලීම වෙනුවෙන් ඔබ කරන මෙහෙවර අප ඉහළින්ම අගය කරන්නෙමු.”
ඔබේ මෙම ජයග්‍රහණය වෙනුවෙන් අපගේ උණුසුම් සුබපැතුම් පිරිනමන්නෙමු!
වාර්තාකරණය: මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න මාධ්‍යවේදී යොහාන් රසිඳු
ඕනෑම අයකුට 2026 ජනවාරි මස 20 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක
සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව! ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන(Certificate in Introductory Media Communication Ethics) https://newsandimage.org/media-studies-training/
News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.

