(01) මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන පොලිස් වසමේ ඒ 15 මාර්ගයේ කිරාන් ප්‍රදේශයේදී වාලච්චේන දෙස සිට මඩකලපුව දෙසට ධාවනය වූ ටිපර් රථයක් ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු සන්දිවේලි රෝහලට ඇතුලත් කිරීමේදී යතුරුපැදිකරු මියගොස් ඇත. පසුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට මාරු කර යවා ඇත.

මරණකරු වයස අවුරුදු 19 ක් වූ කිරාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සුදේන්ද්‍රන් කිසාලන් නැමැති තරුණයෙකි

ටිපර් රථය සහ එහි රියදුරු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෘත ශරීරය සන්දිවේලි රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුරට සම්බන්ධ ටිපර් රථය සහ   එම රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන  තිබේ

නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ නියමය පරිදි මඩකලපුව  කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් ලිලාරත්න මහතාගේ ‍ මෙහයවිමෙන් වාලච්චේන පොලිස් ස්ථානයේ  වැඩ බලන පොලිස්  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් වර්ණසුරිය මහතා ගේ අධික්ෂණය  යටතේ   වාලච්චේන පොලිසිය රථ වාහන අංශයේ  ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක  ඒ.කේ.යු. ජයවර්ධන මහතා ඇතුලු නිළධාරින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. .

(02) පර්චස් විස්සක ඉඩමකට අදාළ බලපත්රලයක් ලබාදීම සඳහා මුලතිව් ප්රාදේශයේ කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන කුච්චවේලි ප්රාුදේශීය සභාවේ සභාපතිවරයා ලක්ෂ 15 ක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්රදධාන මහේස්ත්රායත් අසංග එස් බෝදරගම මහතා ලෙස (16) නියෝග කළේය.

ලංකා මුස්ලිම් කොංග්රේසය නියෝජනය කරන කුච්චවේලී ප්රාතදේශීය සභාවේ සභාපතිවරයා වන අයිනියපිල්ලේ මුබාරක් නමැත්තා එසේ ඇප මත මුදාහැරුණුු අතර සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට අධිකරණයෙන් ඔහුට අවවාද කෙරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සභාපතිවරයා බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව එසේ ඇපමත මුදා හැරීමට නියම කළේය.

එම අල්ලස් ගැනීමේ සිද්ධියට අනුබල දුන් බව කියන ඔහුගේ රියැදුරු වන එම් ඉර්ෂාද් යන අයද අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු මේ වන විට ඇපමත මුදාහැර තිබේ.

පර්චස් විස්සක ඉඩමකට අදාළ බලපත්ර යක් ලබාදීම සඳහා මුලතිව් ප්රිදේශයේ කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් සැකකාර සභාපතිවරයාව අත්අඩංගුවට ගෙනෙන තිබුණි.

මෙම සිද්ධියට අදාළව එම නගර සභාවේ තිබෙන ලිපි ලේඛන විනාශ කරන ලෙසට සැකකාර පුද්ගලයා එම ප්රාගදේශීය සභාවේ නිලධාරීන්ට බලපෑම් කරන බව පවසමින් එහි ලේකම්වරිය කුච්චවේලි පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවද අල්ලස් කොමිසම අධිකරණයට දැන්වීය.

(03)

ධනුෂ්ක ගුණතිලක ක්‍රිකට් ක්‍රීඩකයාට සභාපතිවරා

තමුසේ කියල ඇඟිල්ල දික්කරලා….පොදුජනපෙරමුණ මන්ත්‍රී

දිල්ෂාන් විදානගමනේ…

සභාපතිගේ වෙන්වූ  ආසනය සභා ලේකම්වරියට දීලා

සභාවේ ආසන සම්බන්ධ සභාපති හා විපක්ෂ මන්ත්‍රීවරුරුන් අතර ගාලගෝට්ටි ජා. ජ.බ. මන්ත්‍රීවරුන් සභාපති තනිකර නිහඬවෙති.

හබරාදුව ප්‍රාදේශීය  ඉදිිරි වර්ෂයේ අයවැය සම්මතකරගැනීම සඳහා 16 පෙරවරුවේ රැස්වූ අතරඅයවැය ඉදිරිපත්කිරීම⁣ට සභාපති හර්ෂ පුංචිහේවාමහතාගේ (ජා.ජ.බ.) ප්‍රධානත්වයෙන්  රැස්විය.                                        

මුලින්ම  සභාපතිවරයා විසින් සභාවේ මන්ත්‍රීවරුන්ගේ ආසන පැනවීම සම්බන්ධයෙන් පළාත් පාලන  කොමසාරිස්වරිය විසින් සභාවට යොමුකර ඇති ලිපියක් සභාව හමුවේ ඉදිරිපත් කිරීමත් සමගම එයට එරෙහිව හිටපු සභාපති දිල්ශාන් විදානගමගේ මහතා (පොදුජනපෙරමුණ ) නැගීසිටිමින්  එය සභාරීතිවලට පටහැනිබව ප්‍රකාශ කිරීම හා සභාපතිවරයා වෙනුවෙන් ගතයුතු ආසනය සභාලේකම්වරියට මාරුකිරීමෙන්  සභාපතිවරයා සභාපතිගේ තනතුර සැහැල්ලුවට ලක්කර ඇතැයි දැඩි වාග්පුහාරයක් එල්ල කිරීමත් සමගම  සභාපතිවරා සහ දිල්ෂාන් මන්තීවරයා සුරේෂ් විමලසේන .(පො ජ පෙ)  චමෙල් ප්‍රියංග( ස. ජ.බ ) ප්‍රමුඛ  විපක්ෂය මන්ත්‍රීවරුරුන් අතර දැඩි නොසන්සුන් තත්වයකින්  සභාව උණුසුම් මුහුණුවරක්

ගත්තේය.

සභාපතිවරයා තනිවම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වාග්ප්‍රහාරයන් හා ගැටෙද්දී ජාතික ජනබලවේග මන්ත්‍රීවරුරුන් කැළ  සභාපතිවරයා තනිකර නිසොල්මනේ බලාසිටීමද සුවිශේෂ දසුනක් වූයේය. සභාපතිවරා බැරිම තැන විපක්ෂ මන්ත්‍රීවරුරුන්ට ප්‍රකාශ කර සිටියේ  ඔබතුබාලට මේසභාවේ ඕන තරම් කතාකරන්න අවස්ථා තියෙනවා ඕනතරම්  මාධ්‍ය සංදර්ශණ දාන්න කියාය.

ඒ අවස්ථාවේදීකෙසේ උවද දිල්ෂාන් විදානගමගේ මන්ත්‍රීවරයා සභාපතිවරාට දැඩි ස්වරයෙන් චෝනාවක්ද එල්ලකරසිටියේය

දිල්ෂාන් විදානගමගේ මහතා. ඔබතුමා ජාතික ක්‍රිකට් කන්ඩාමට රටවෙනුවෙන් ක්‍රිකට් ගහපු ධනුෂ්ක ගුනතිලකට ඇඟිලිල් දික්කරල තමුසෙ කියා කතාකර තියෙනවා. සභාපතිවරයෙක්  එහෙම හැසිරිය යුතු නැහැ. ඒක මතකතියාගන්න. එහෙත් සභාපතිවරා ඒ සම්බන්ධයෙන් කිසිවක් කතා නොකර   සිනහවෙමින් එයට ප්‍රතිචාර දක්වා සිටියේය.

(04) ක්රීඒඩා අමාත්යංවශය, පුද්ගලික ප්ර‍වාහන අමාත්යංකශය හා පශු සම්පත් අමාත්යංසශය යන අමාත්යංනශයන්හි අමාත්යාවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී රුපියල් ලක්ෂ 573 ට අධික මුදලක් අයථා ලෙස ඉපයු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කරසිටි හිටපු අමාත්යය සී.බී රත්නායක රුපියල් ලක්ෂ 20 ක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්රසධාන මහේස්ත්රා ත් අසංග එස් බෝදරගම මහතා ඊයේ (16) නියෝග කළේය.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කෙරුණ අතර ඒ බව ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසටද නියම කෙරුණි.

දූෂණය නමැති චෝදනාව යටතේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්කම් විමර්ශන අංශය විසින් ඉකුත් 2 දින අත්අඩංගුවට ගත් හිටපු අමාත්යො අමාත්යක සී.බී රත්නායක රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර බන්ධනාගාර නිලධාරින් විසින් ඔහු ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ ඇපමත මුදාහැරීමට නියම කළේය.

රුපියල් ලක්ෂ 573 ට අධික මුදලක් අයථා ලෙස ඉපයු බවට අල්ලස් පනතේ අංක 23 (අ) (1) වගන්තිය යටතේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්කම් විමර්ශන අංශය විසින් සිදු කරනු ලබන ලද විමර්ශනයකට අදාළව හිටපු අමාත්යේවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධියට අදාල නඩුව ලබන මාර්තු 06 දින නැවත කැඳවීමට නියමිතය.

(05) බිරිඳ ගේ   පොරෝ පහරින්  ස්වාමිය අවසන් ගමන් යයි.

වාලච්චේන පොලිස් වසමේ වාහනේරි ප්‍රදේශයේදී 2025.12.15 වන දින උදෑසන කාලයේ පොරවකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ  පුද්ගලයෙකු එම ස්ථානයේම මියගොස්  තිබේ.

මියගිය අය සහ බිරිද අතර ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාම මත මරණකරු බිරිඳට තියුණු ආයුධයකින් පහරදීමට උත්සාහ කිරීමේදී, බිරිඳ විසින් පොරවකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත

මියගිය අය වාලච්චේන වාහනේරි පදිංචි වෛරමුත්තු නවරාසා නැමැති පුද්ගලයෙකි සැකකාර  සාම තබ්මි  තිරුනිරයි චෙල්වි යන කාන්තාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෘත ශරීරය වාලච්චේන රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර  තිබේ. .

නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ නියමය පරිදි මඩකලපුව  කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් ලිලාරත්න මහතාගේ ‍ මෙහයවිමෙන් වාලච්චේන පොලිස් ස්ථානයේ  වැඩ බලන පොලිස්  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් වර්ණසුරිය මහතා ඇතුලු නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(@ 6) ඌව පරණගම මස්පන්න නගරයේ සිදුවු නාය යෑම හේතුවෙන් පස් කන්දට යටව තිබු බස් රථ දෙක පෙරේදා ( 15 දා )  ගොඩගැනීම සිදු විය.

මෙම නාය යෑම හේතුවෙන් මස්පන්න කුඩා නගරයේ නවතා තිබු බස් රථ තුනක් ත්‍රී රෝද රථයක් සහ යතුරු පැදි තුනක් හා වෙළද සැල් කිහිපයක්ද පස් වලට යටවිය. එයින් ලංගම බස් රථය පසුගියදා ගොඩ ගත් අතර පැවති වර්ෂාව සහ නැවත නාය සක්‍රිය විම හේතුවෙන් පෞද්ගලික බස් රථ දෙක ගොඩ ගැනීම ප්‍රමාද විය.

ඊයේ දින මෙලෙස පස් ඉවත් කර එම බස් රථ දෙක එම ස්ථානයෙන් මහත් පරිශ්‍රමයක් දරා ඉවත් කිරීම සිදු කල අතර තම ගම්මාන වලට සේවා සැපයු මෙම බස් රථ එම ස්ථාන වලින් ඉවත් කරන විට ජනතාව ප්‍රිති ගෝෂා නගන අකාරයත් දැක ගැනීමට හැකිවිය.

බස් රථ වලට මෙම නාය යෑම හේතුවෙන් හානි සිදුව තිබින. ජනතාව කියා සිටියේ මෙම නාය යට ත්‍රී රෝද රථයක් හා යතුරු පැදි 3 ක් තවමත් සැගව ඇති බවයි.

(07) වැලිපැන්න පොලිසියේ රාත්රිම ජංගම සංචාරක සේවයේ යෙදෙමින් වාහන පරීක්ෂාවේ යෙදීසිටි පොලිස් සැරයන් වරයකු  ඊයේ(15)අධික  වේගයෙන් ධාවනය වු යතුරු පැදියක  ගැටී මරුට .

 2025.12.15 දින රාත්රිි මුර සංචාරක රාජකාරියේ නියැළීමින් මතුගම  = අලුත්ගම පප්ර ධාන මාර්ගයේ  ලබුවැල්ගොඩ  බෝගහ අසල වාහන පරීක්ෂාවේ යෙදී සිටියදී  අලුත්ගම සිට වැලිපැන්න දෙසට  අධික වේගයෙන් ධාවනය වු යතුරු පැදියක පොලිස් නිලධාරීකු ගැටී ඇත.පසුව එම නිලධාරීයා ධර්ගා නගරයේ රෝහළට ඇතුලත් කිරිමට  කටයුතුු කළද ඒ වන  විටද ජීවිතක්ෂයට පත්ව තිබී  ඇත.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිපැන්න පොලිසියේ සැරයන් වරයාා කුරුදුවත්ත ගල්වෙහෙර, අහුන්ගල්ල ලිපිනයෙහි පදිංචි සමන්ත උදයකුමාර නමැති නිලධාරීයෙකි.

 අනතුරු සිදුකල යතුරු පැදිය  පොලිසිය බාරයට ගෙන ඇතිි අතර පැදිකරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගතකර ඇත.

මෙම සිද්ධියට අදාළ වැඩිදුරටත් පරීක්ෂණ වැලිපැන්න  පොලිස්්  ස්ථානාධිපති එස්.කේ. අනුුරජිත්මහතගේමෙහෙයවීීීමෙන්සිදුකෙරේ.

(08) බැංකු කාඩ් පතක් මගින් රඡයේ බැංකුවක ඒ.ටී.එම් යන්ත්රුයකින් රුපියල් පන්සියයක මුදලක් ගැනීමට උත්සහ ගත් අවස්ථාවේදී ඇති ඇතිවූ ප්රඅමාදයකින් පසු එම යන්ත්රකයට පයින් ගසා අලාභ හානි කළ තරුණයින් දෙදෙනෙකුට මාස 6 ක සිරදඬුවමක්  නියම කළ කොළඹ ප්රාධාන මහේස්ත්රා්ත් අසංග එස්.බෝදරගම මහතා ඊයේ (15) එම සිරදඬුවම වසර 10 ට අත්හිටුවීමට නියම කළේය.

ඒ.ටී.එම් යන්ත්ර යට හානි කිරීම වෙනුවෙන් අදාළ බැංකුවට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසද  අධිකරණයෙන් නියම  විය.

කොළඹ සංඝරාජ මාවත ප්රිදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු  මෙසේ අත්හිටවු සිරදඬුවමක්  නියම කෙරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විත්තිකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇපමත මුදාහැර තිබූ අතර ඊයේ එම නඩුව කැඳවූ අවස්ථාවේදී තමන් වරද පිළිගන්නා බවට සිය නීතිඥවරුන් මගින් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව එසේ සිරදඬුවම් නියම කෙරුණ.

අදාල බැංකුව මගින් කර තිබූ පැමිණිල්ලක් අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

(09) ගහෙන් වැටුණු කෙනාට ගොනා ඇන්නා වගේ දෙයක් සීප්පුකුලමේදී වන අලියෙක්ට වෙලා.

මේ දිනවල මිහින්තලේ සීප්පුකුලම ප්‍රදේශයේ වතු හා හේන් වල ඉතා අසාද්‍ය තත්වයෙන් පසුවන  වන අලියෙකු ගැනසෙන බවත්  එම වන අලියාගේ ඉදිරිපාදයේ යම් තුවාලයක් හේතුවෙන්  ඒම සතාගේ  ගමන ද හා හැසීරිම අසාමන්‍ය ලෙස මන්දගාමී බවක් පෙන්නුම් කරන බව සිප්පුකුලම ප්‍රදේශවාසීන් පවසයි.

දින ගණනාවක සිට සිප්පුකුලම ප්‍රදේශයේ වෙසෙන  වන අලියා පසුගිය දා රාත්‍රියේ මිහින්තලේ සීප්පුකුලම ප්‍රදේශයේ අඹ ගහවෙල හන්දියේදී ප්‍රදේශවාසීන් පිරිසක් විසින්, ගිණි පන්දම් ආධාරයෙන්න  අලියාගේ සිරුරට හාණිවෙන අයුරින් සතා පලවා හැරිමට කටයුතු කරන ආකාරය ඒ අසල සිටි පුද්ගලයෙකුගේ ජංගම දුරකථනය පටිගතකර ගෙන තිබේ.

වන අලියා පලවා හැරිම සදහා පන්දම් භාවිතා කිරිම හේතුවෙන් පිළිස්සුම් තුවාල ලැබ තිබෙන අතර  අද (16)  උදෑසන මිහින්තලේ සීප්පුකුලම අඹගහවෙල ප්‍රදේශයේ ගෙවත්තක ඉතා අසාද්‍ය තත්වයෙන් වැටී සිටින බවත් ‍මේ සම්බන්ධව ප්‍රදේශවාසින්  අනුරාධපුර අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරිමෙන් පසු වනජිවි දේපාර්තමෙන්තුවේ  අනුරාධපුර අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරීන්  නිරීක්ෂනය කර තිබේ.

ප්‍රදේශවාසින් පවසන්නෙ , ගහෙන් වැටුණු කෙනාට ගොනා ඇන්නා වගේ දෙයක් සීප්පුකුලමේදී වන අලියෙක්ට වෙලා ඇති බවයි

(10) මඩකලපුව අධිකරණය ප්‍රසිද්ධ අවන්හලකට මුද්‍රා තබයි! අවන්හල් 20ක් වටලයි! ව්‍යාපාරික ආයතන 12කට එරෙහිව නඩු පවරන ලදී

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කළ ප්‍රසිද්ධ අවන්හලක් දින 14කට මුද්‍රා තබා ඇති බව මඩකලපුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස්. මුරලීස්වරන් මහතා පැවසීය.

ඊයේ සවස, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මුරලීස්වරන්ගේ මඟ පෙන්වීම යටතේ, රාත්‍රී ආහාර සැපයුම් අවන්හල්වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, දිස්ත්‍රික් අධීක්ෂණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, අධීක්ෂණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නාවලඩි, ඔට්ටමාවඩි ප්‍රදේශයේ රාත්‍රී කාලයේ විශේෂ අවන්හල් පරීක්ෂාවක් පවත්වන ලදී.

මෙම අවස්ථාවේදී, වාලච්චේන මහේස්ත්‍රාත්වරයා අදාළ අවන්හල දින 14ක් වහාම වසා දැමීමට නියෝග කළ අතර අධිකරණය අදාළ අවන්හල් හිමිකරුට දැඩි අවවාද කළේය.

වැටලීමේදී අවන්හල්, බේකරි සහ ආහාර අලෙවිසැල් 20ක් පරීක්ෂාවට ලක් කළ අතර මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර නිෂ්පාදන අලෙවි කිරීම සහ සෞඛ්‍යයට අහිතකර ආහාර නිෂ්පාදන නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාර 12කට එරෙහිව නඩු පවරා ඇත.

Share.
Leave A Reply