රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ දක්වා කාලය තුළ ආපදා මරණ 39ක් සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 79ක් ආපදාවට ලක්ව ඇත.
එම ප්‍රදේශවල පවුල් 1,158කට අයත් පුද්ගලයින් 4,008ක් ආපදාවට ලක්ව ඇති අතර, තවමත් පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මේ අතර සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මේ වනවිට තුවාල ලබා ඇති අතර, පවුල් 41කට අයත් පුද්ගලයින් 131ක් සුරක්ෂිත මධ්‍යස්ථාන 5ක තාවකාලිකව නවතා තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ, පවුල් 136කට අයත් පුද්ගලයින් 472 දෙනෙකු මේ වනවිට ඥාති නිවාසවල ආපදා හේතුවෙන් නතරවී සිටින බවයි.
@දිවයිනේ පවත්නා වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ කලාප අංක 01, 02, 03, 04, සහ 05 සංචාරකයින් සඳහා වසා තබා ඇති අතර කලාප අංක 06 කළු පාලම ප්‍රවේශ මාර්ගය පමණක් සංචාරකයින් සඳහා විවෘතව ඇත.
හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය, වස්ගමුව ජාතික උද්‍යානය. කුමන ජාතික උද්‍යානය, විල්පත්තුව ජාතික උද්‍යානය, මින්නේරිය ජාතික උද්‍යානය සහ කවුඩුල්ල ජාතික උද්‍යානය නැවත දැනුම් දෙන තුරු සංචාරකයින් සඳහා මුළුමනින්ම වසා ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සංචාරකයින් වෙත දන්වනු ලබයි.
මේ දිනවල ඉහත ජාතික උද්‍යානවල සංචාරක නිවාස වෙන්කරන ලද සංචාරකයින්ටද එම වෙන්කරවා ගැනීම් පසු දිනකදි සිදුකරවා ගත හැකි බව ද සදහන් කර තිබේ.
@@@@@ ඉදිරි පැය 12 තුල සුළි කුණාටුවක්? නවතම කාලගුණ තත්ත්වය මෙන්න!
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පීඩන අවපාතය මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
(27) ප.ව. 2ට අවවාදාත්මක දැනුම්දීමක් සිදුකරමින් ඔවුන් පවසා සිටියේ පීඩන අවපාතතය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.
මේ වනවිට පීඩන අවපාතය මඩකලපුවේ සිට පැ.කි.මි. 120ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 6.7°N සහ දේශාංශ 82.1°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වන බවද නිවේදනයේ සඳහන් වේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 200ට වැඩි ඉතා තද වැසි සහ, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් බදුල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකිය.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකිය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල හමන පැ.කි.මී. (60-70) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. 80 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බවද නිවේදනයේ වැඩිදුර සඳහන් වෙයි.
තද වැසි සහ තද සුළං මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

