දෙසැම්බර් 17 සිට සියලු පළාත්වල ඔන්ලයින් දඩ පද්ධතිය ක්‍රියාත්මක කිරීම, ලබන වසර මැද වනවිට ඩිජිටල් මැෂින් භාවිතයෙන් දඩ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ස්වයංක්‍රීය කිරීම සිදු කරන බව ද ඒ මහතා කීය.

කොළඹ පැවති වැඩසටහනක දී ඇමති වරයා එසේ කිය.

ලංකාවේ මාර්ග ආරක්ෂාවට කැපවෙන නිලධාරීන් ඇගයීම සඳහා ලබන වසර තුළ ජනාධිපති ඇගයීම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ඒ කීය.

දවසින් දවස ඉහළ යන වායු දූෂණය රටේ සෞඛ්‍ය හා පාරිසරික අර්බුදයක් බව ද ඒ මහතා පැවසීය. පරිසරය රැකගැනීම, පිරිසිදු වායු තත්ත්වය සහථිරසර ප්‍රවාහන ක්‍රම පිළිබඳ නිලධාරී දැනුවත් කිරීම වැදගත් බවද ඒ මහතා කීය.

රථ වාහන රාජකාරියේ නිරත 8 283 පොලිස් නිලධාරීන්ගේ කැපවීම අගය වන බවත්, රථවාහන තදබදය සම්බන්ධ සැබෑ තත්ත්වය හොඳින් දන්නේ ඔවුන් බව ද ඒ මහතා කීය.

රථවාහන වැරදි,අඩුපාඩු අවම කිරීමේ දිගුකාලීන පිළියමක් ලෙස, රථවාහන පොලිසිය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කටයුතු කරන බව ද ඔහු කීය.

රියදුරු ලකුණු කැපීමේ නව ක්‍රමය මෙන්ම රියදුරු කරන වැරදි වලින් කොටසක් බස් අයිතිකරුටද පැවරෙන පරිදි නීති සකස් කරන බවද ඒ මහතා කීය

නව තාක්‍ෂණික ක්‍රමවේදයට පරිවර්තනය, සමඟ මාර්ග ආරක්ෂාව නව පද්ධතියකට අත්පත් කරන්නට තීරණය කර ඇති බව ද ඒ මහතා කීය.

බස් රථවල නිරීක්ෂණය, සීට් බෙල්ට් නීතිය, මගී ආරක්ෂාව වැනි නීති සවිබල ගැන්වීමටත් අවධානය යොමු  කරන බවද ඒ මහතා කීය.

මගී ආරක්ෂාව සදහා නීතියක් පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඉදිරියේ දී මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමඟ මගී සංවිධාන ස්ථාපිත කරමින් කාන්තාවන්ට සහ දරුවන්ට සුදුසු හා සුරක්ෂිත ගමනාගමන පරිසරයක් නිර්මාණය කරන බව ද ඒ මහතා කීය.  

Share.
Leave A Reply