බඩ ඉරිඟු ගොවීන් සමඟ  (26) කොළඹ දී පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

බඩ ඉරිඟු නිෂ්පාදන පිරිවැය අනුව අවම වශයෙන් කිලෝ එකක් රුපියල් 140 ටවත් මිලදී ගැනීම කෙරහි අවධානය යොමු කරන බව ද, පිරිවැය අඩු කරමින් ගොවීන්ට වැඩි ලාභයක් ලැබෙන පරිදි නිෂ්පාදන කටයුතු සිදුකිරීමට අවශ්‍ය වටපිටාව සකස් කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

දැනට පවතින නිෂ්පාදන පිරිවැයට අනුව බඩ ඉරිඟු කිලෝ එකකට රුපියල් 135 – 140 ට වඩා සහතික මිල අඩු කිරීමෙන් ගොවීන් අපහසුතාවයට පත්වන බව ද ඒ මහතා කීය.

 ඊට වඩා මිල වැඩි කිරිමෙන් සත්ත්ව නිෂ්පාදකයන් හා පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්වන බව ද ඔහු කීය.

ගොවීන්ගේ නිෂ්පාදන වියදම අඩු කිරීම මෙන්ම පොහොර සහනාධාරයක් ලබාදීම සිදු කරන බවද ඒ මහතා කීය.

මිනිස් ශ්‍රමය අවම වශයෙන් භාවිතා කිරීමට හැකිවන නවීන යන්ත්‍රෝපකරණ හඳුන්වාදීම, වැඩි අස්වනු ලබාදෙන උසස් ප්‍රමිතියෙන් යුත් බීජ හඳුන්වාදීම, රජයේ ඉඩම්වල වගාකරන ගොවීන්ට එම ඉඩම්වලට ගමන් කළ හැකි මාර්ග සකස් කර දීම, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මැදිහත්ව වගාබිම් සකස් කිරිමට අවශ්‍ය ට්‍රැක්ටර් හා වෙනත් යන්ත්‍ර සූත්‍ර ලබාදීම ආදී ක්‍රමවේදයන් මගින් නිෂ්පාදන පිරිවැය අවම කරගත හැකි ආකාරයට පහසුකම් ලබාදෙන බව ද ඒ මහතා කීය.

මහඉලුප්පල්ලම ගොවි පර්යේෂණ ආයතනයෙන් උසස් ප්‍රමිතියෙන් යුත් බඩ ඉරිඟු නිෂ්පාදනය කරන බව ද එම බීජවලින් ආනයනික බඩ ඉරිඟු බීජවලින් ලැබෙන අස්වැන්නට ආසන්න නිෂ්පාදනයක් ගොවීන්ට ලබා ගැනීමට හැකිවී ඇති බව ද මහතා ප්‍රකාශ කළේ ය.

ආනයනික බීජ භාවිතා කිරිමේ දී විවිධ රෝගාබාධවලට ලක්වීම සහ කෘෂි යෙදවුම් වැඩිපුර භාවිතා කිරීමට සිදුවන නිසා නිෂ්පාදන පිරිවැය වැඩි වන බව ද ඒ මහතා පැවසීය.

මහඉලුප්පල්ලම ගොවි පර්යේෂණ ආයතනය මගින් නිෂ්පාදනය කරන ලද බීජවලින් ලැබෙන අස්වැන්න ආනයනික බීජ මඟින් සාපේක්ෂව  යම් අඩුවක් තිබුණ ද නිෂ්පාදන පිරිවැය අඩු නිසා එම බීජ තවදුරටත් ගුණාත්මකව වර්ධනය කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා පැවසීය.

බඩ ඉරිඟු වගාව වැඩි කිරිමටත් ගොවීන්ට අවශ්‍ය සහන  ලබා දීමටත් අවශ්‍ය කටයුතු කරන බව  ද මහතා පැවසීය.

Share.
Leave A Reply