ගාල්ල කලේගාන චේතියගිරි විහාරය හා මහනුවර බටුඅඹේ චේතියගිරි විහාරය යන උභය විහාරාධිපති අමරපුර සිරි සද්ධම්මවංස ධීරානන්ද සංඝ සභාවේ ගරුතර මහානායක අති පූජ්‍ය බෙලිගල්ලේ සිරිජිනවංස මහ නාහිමියන්ගේ 94 වැනි ජන්ම දින සැමරුම ගාල්ල චේතියගිරි මහා විහාරයේ දී පැවත්විණි.
මෙහිදී අඟුල්මඩුවේ සෝභිත ශිෂ්‍ය හිමියන්ගේ හා දායක දායිකාවන්ගේ අනුග්‍රහයෙන් විශේෂ බෝධි පූජා පිංකමක් මැටරඹ නන්දාලෝක පණ්ඩිත හිමියන්ගේ වැඩමවීමෙන් පැවැත්විණි
ආගමික, ශාසනික, සමාජ, සංස්කෘතික, අධ්‍යාපනින සේවා රැසක් සිදු කරමින් ලෝක ශාසනික මෙහෙවරෙහි යෙදෙන උන් වහන්සේට දිගා සිරි පතමු.

