කොළඹ නාලන්දා විද්‍යාලයේ කිර්තිමත් ආදි සිසුවකු වූ පරිගණක උපාධිධාරියෙක් ලෙස සේවය කළ සංජීව කලංසුරිය මහතාගේ දෙවර්ෂ පුර්ණ පින්කම මේ මස 30 වැනි දින අනුරාධපුර නුවර වැව සේනාසන ආරාමයේ දී සිදු කෙරේ.
මෙම පින්කම සංවිධානය කරනුයේ කොළඹ නාලන්ද විද්‍යාලයේ 1991 පංති සඟයන්ගේ කණ්ඩායම විසිනි.
අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි සංජීව කලංසූරිය මහතා 2023 නොවැම්බර් 28 දින හදිසියේ මිය යන විට 51 වන වියේ පසු විය. දෙදරු පියෙක් වු ඒ මහතා කොළඹ නාලන්දා විද්‍යාලයට මෙන්ම මෙරට පරිගනක ක්ෂේත්රයට සුවිශේෂ සේවාවක් කළ අයෙක් විය.
කලං යන ආදරණිය නාමයෙන් හැදුන් වූ ඒ මහතා සිහිපත් කරමින් ආගමික කටයුතු රැසක් සිදු කරන බව කොළඹ නාලන්ද විද්‍යාලයේ 1991 පංති සඟයන්ගේ සංගමය ප්‍රකාශ කළේ ය.

