ලොව පුරා ප්‍රතිජීවක ඖෂධ අවභාවිතාව නිසා මිලියනකට ආසන්න ප්‍රමාණයක් වාර්ෂිකව මිය යන අතර ඉදිරි දශක කිහිපයේ දී මෙම අගය මිලියන දහයක් දක්වා ඉහළයා හැකිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

ලංකාවේ මේ සම්බන්ධයෙන් ඇති වී ඇති තත්ත්වය මේ වන විට ඉතා බරපතල තත්වයක පවතින බව වෛද්‍යවරු පෙන්වා දෙති.

ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් හෝ ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිපත්තියක් නොමැතිව රටපුරා ප්‍රතිජීව  අවභාවිතාව ගැන වැඩමුළු පැවැත්වීම විහිළුවක් බව  වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ප්‍රතිජීව  අව භාවිතාව නිසා මිය යන රෝගීන් ගැන හරි සංඛ්‍යාලේඛනත් නොමැති බවද ඒ මහතා කීය.

සෑම ආණ්ඩුවක්ම බලයට පත්වීමෙන් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් අති විශාල මුදලක් වියදම් කොට ප්‍රතිජීවක ඖෂධ අවභාවිතාව වැළැක්වීම සඳහා වැඩමුළු පවත්වන නමුත් ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් හෝ ජාතික ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිපත්තියක් හෝ පවුලේ වෛද්‍යවරයා සංකල්පය නීත්‍යානුකූලව ස්ථාපිත කර ගැනීම සඳහා හෝ ස්ථාවර වැඩසටහනක් නොමැතිව මේ අන්දමට මුදල් වියදම් කිරීම සුදු අලියකු බව ද ඒ මහතා පැවසීය.

ලෝකයේ බොහෝ දියුණු රටවල්වල රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ ලබා දීමේදී නිසි දුරාවලිය ක්‍රමයක් සහ අනුගමනය කළ යුතු මූලික පියවර සහිත විද්‍යාත්මක ප්‍රතිපත්ති මාලා පවතින බවත් ලංකාව තුළ එවැනි නිශ්චිත වැඩසටහනක් නීත්‍යානුකූලව ක්‍රියාත්මක නොකොට ප්‍රතිජීවක ඖෂධ අවභාවිතාව සිදුකරන පුද්ගලයන්ව එකතු වී තම තමන් විසින්ම දේශන පවත්වා ගනිමින් මහජනතාවගේ බදු මුදල් අධික ලෙස වියදම් කොට විවිධ උත්සව හා සම්මන්ත්‍රණ පැවැත්වීම මූල්‍ය දූෂණයක් බවත් හිටපු ආණ්ඩු සිදුකළ මෙම වරද වර්තමාන ආණ්ඩුව යටතේද සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කරන බව ජනාධිපතිවරයාගේ අවධානයට ලක්විය යුතු බව ද ඔහු සඳහන් කළේ ය.

ලොව පුරා ප්‍රතිජීවක ඖෂධ අවභාවිතාව නිසා මිලියනකට ආසන්න ප්‍රමාණයක් වාර්ෂිකව මිය යන අතර ඉදිරි දශක කිහිපයේ දී මෙම අගය මිලියන දහයක් දක්වා ඉහළයා හැකිය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ජාත්‍යන්තර පර්යේෂකයන් අනතුරු අඟවා ඇති බවත් ඔහු පැවසීය.

අවාසනාවට මෙන් ශ්‍රී ලංකාව තුළ ප්‍රතිජීව කෞශිද අවභාවිතාව නිසා හානි වන රෝගී ජීවිත සම්බන්ධව නිසි සමීක්ෂණයක් හෝ සංඛ්‍යා ලෙබන නොමැති බවද ඔහු සඳහන් කළේ ය.

අලුත උපන් බිලිදාගේ සිට වැඩිහිටියන් දක්වා සියලු දෙනාම ඉවක් බවක් නොමැතිව ප්‍රතිජීව   ඹෘෂධ භාවිතා කිරීම, ඉතා සුළු රෝගී තත්ත්වයකට පවා වෛද්‍ය උපදෙස් නොමැතිව පවා ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම, ඉතා සුළු රෝගී තත්ත්වයකට පවා ඇතැම් වෛද්‍යවරුන් විසින් ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ නිර්දේශ කිරීම, වෛද්‍ය නිර්දේශය ඉක්මවා ප්‍රතිචීවක් ඖෂධ නිසි කාලසීමාවට වඩා වැඩිපුර ලබා ගැනීම හෝ රෝගී තත්ත්වය සුව වු වහාම ප්‍රතිජීවක ඖෂධ භාවිතාව නතර කිරීම වැනි ප්‍රතිජීව  ආශ්‍රිතව විවිධ විෂමතාවයන් සාමාන්‍ය මහජනතාව හා සෞඛ්‍යවෘත්තිකයන් තුළ පවතින බවත් ඒ මහතා පැවසීය.

මේ සම්බන්ධව සමස්ත සමාජයේම දැනුවත් කොට මෙම භයානක අනතුර සම්බන්ධයෙන් නිත්‍යානුකූලව පියවර ගැනීම ඉතා වැදගත් බව ද ඔහු පැවසීය.

පසුගිය දශක පහක කාල සීමාව තුළ ලොව පුරා අලුතින් ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය නොවුණු අතර දැනට පවතින ප්‍රතිජීවක  ඖෂධ රැසකට රෝග විෂබීජ දැඩි ලෙස ප්‍රතිරෝධයක් දක්වන බැවින් ඉදිරි කාලය තුළදී සමාජය පුරා විවිධ භයානක රෝග පැතිර යෑමේ අවධානමක් පවතින බවද ඒ මහතා පුකාශ කළේ ය.

මෙවන් තත්ත්වයක් යටතේ නිසි පරිදි නීත්‍යානුකූල ක්‍රමය යටතේ ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමට වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ යුතු බවත්, ඖෂධ සමාගම් වල මාෆියාවට බිය වී එවැනි ක්‍රියාවන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකරන්නේදැයි විමසා බැලිය යුතු බවද ඔහු සඳහන් කළේ ය.

Share.
Leave A Reply