අද ( 19) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පැවසීය.
ඔවුන් ජනනය පටන් ගත්තු පළමු මාසය එනම් අගෝස්තු මාසයේ ධාරිතා ගාස්තු(capacity charge) රුපියල් මිලියන 1320.78 ද ඒකක පිරිවැය 82.80 ක් ලෙසද ගණනය කර ඇති බවත් ඒ නිසා ධාරිතා පිරිවැය සමඟ ඒකකයක සම්පූර්ණ පිරිවැය රුපියල් 1239 බව දැකිය හැකි යි.
අද (20) පාර්ලිමේන්තුවේ අයවැය විවාදය තියෙන්නේ විදුලි බල හා බලශක්තිය පිළිබඳවයි.පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් මේවා දැනගත යුතුයි.ඒ නිසා මං මාධ්‍යයෙන් ඉල්ලනවා මේවා ප්‍රචාරය කරන්න කියලා ඒ අයට දැනගන්න.පාරිභෝගික අපි දරා ගන්නේ කොහොමද මේ වියදම්.
මේක පුදුම ආණ්ඩුවක් දුක් ගින්දර ආණ්ඩුවක් වෙනවා.
මීට එහා ගිය වංචාවක් තමයි සහස් ධනවි ගිවිසුමේ තියෙන්නේ කැබිනට් පත්‍රිකාවේ පෙන්නලා දෙන්නේ විස්සයි සත පහළවයි කියලා හැබැයි මහජන උපයෝගිතා කොමිසම කියනවා. රුපියල් 72ක් වෙනවා කියලා. එනිසා මේ ආණ්ඩුව කරන්නේ නංගි පෙන්නලා දෙන්නේ අක්කා නෙමෙයි මිත්තණියයි.
මේ කැබිනට් පත්‍රිකාවේ තියෙන්නේ 2025 ජනවාරි 31 පත්තිකාව අනුව ඩීසල් ලීටරයක මිල එකසිය දහයක් ලෙසත් ඇමරිකානු ඩොලර් එක විනිමය අනුපාතිකය 195ක් ලෙසය. මේවා කැබිනට් මණ්ඩලය අනුමත කරේ කැබිනට් මණ්ඩලය කරුණු දැනගෙන නොමග ගිහිල්ලා. කතා කළේ LNG දුවන්නේ ඩීසල් වලින්. අපි අල්ලස් කොමිසමට පැමිණිලි කළා ඒ අය නිහඬයි විගණකාධිපති නිහඬයි.
ආණ්ඩුව ජනතාවට කිව්වේ සීයට තිස්තුනකින් විදුලි බිලා අඩු කරනවා කියලා.මේ ආණ්ඩුව අල්ලස දූෂණය නැති කරන්න ආපු සත්‍යවාදී ආණ්ඩුවක් නම් මම දැම්මේ කියන්නන හදන්නේ ලබන ජනවාරි ඉඳලා සියයට පනහක් විදුලි බිල අඩු කරන්න පුළුවන් ක්‍රමයක්.එහෙනම් අපේ ආර්ථිකය ඉහළට එසවේවි.නිෂ්පාදන වියදම අඩු වේවි. ගමේ කර්මාන්තවල පිරිවැය අඩු වේවි.
ඒක තමයි සියලු අනුමැතියන් සපුරාගෙනන ඇති මෙගාවොට් 488 LNG බලාගාරයකට අනුමැතිය නොදීමයි.
රටට ඩොලර් මිලියන හස්සිය පනහක් ගේන්න සූදානම්.ලඟදී මුදල් අමාත්‍යාංශයෙන් විදුලි බල අමාත්‍යංශ ලේකම්ට ලිපියකින් දන්වලා තියෙනවා මේ මුදල් ලබා ලබාගන්න කටයුතු කරන්න කියලා.හැබැයි 3 in one mane නිහඬයි.ඔහුට මෙපමණ බලයක් දීලා තියෙන්නේ කවුද?මම මේ කියන්න හදන්නේ සහස් දනව් බලාගාරයත් මම මේ සඳහන් කරන ලංකා ආලෝක AB කියන ආයතනයේ මිල ගණන්වල තියෙන පරතරයය මත ආර්ථිකයට සිදුවෙන දැවැන්තපාඩුවයි.සහස් ධනව ගිවිසුම නිසා හා ලංකා ආලෝක AB ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීම නිසා වසරකට රුපියල් බිලියන 277 පාඩු සිද්ධ වෙනවා.ඒ කියන්නේ වසරකට අපට විදුලිය ජනනය සම්පේ‍්‍රෂණය බෙදා හැරීම වෙනුවෙන් වසරකට යන වියදමෙන් හරි අඩක්.එහෙනම් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම තුළින් විදුලි බිල සීයට පනහකින් අඩු කළ හැකියි.ආණ්ඩුව කිව්වේ සීයට තිස්තුනකින් විදුලිබිලා අඩු කරනවාා කියාය.මෙම ක්‍රමය ක්‍රියාත්මක කළොත් සියයට පනහක අහනයක් පාරිභෝගිකයාට ලබා දිය හැකියි.
සහන දෙනවා වෙනුවට මේ ආණ්ඩුවට මැතිවරණයේදී උදව් කරපු උදව් කරපු අය තෝරගෙන සෝට් ලිස්ට් කරලා 49තෝරගෙන ඉන් ප්‍රථමයෙන් දහයකට විදුලි බල පනතට පටහැනිව කටයුතු කරමින් යනවා.ගජ මිතුරන්ගේ මල්ල තර කරමින් අපේ බෙල්ල මිරිකනවා.
ජනාධිපතිතුමා අයවැය කතාවේදී කියපු දේවල් ක්‍රියාත්මක වෙන්නේ නෑ.සුළං විදුලිය එකොළහයි කිව්වාට කැබිනට් පත්‍රිකා අත්සන් කරනවා විස්සයි සත තිහට.විදිහට ජනාධිපතිතුමාට සුරංගනා කතාවක් කියලා අපට යක්ෂ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා.ජනාධිපතිතුමාව කඩේ යවන්නේ කවුද කියලා බලන්න.
සෝලා වලට මිල ක්‍රමයක් තියෙද්දි කැබිනට් අනුකාරක සභා දාලා ගජ මිතුරන්ට සහන දෙන්න හදනවා.
ආණ්ඩුව බැටරි අඳුන්නලා දුන්නාට නිලධාරින් ඒවා ක්‍රියාත්මක කරන්න දෙන්නේ නෑ.ළං වීම වෙබ් අඩවියෙත් මේ ගැන තියෙනවා හැබැයි නිලධාරීන් කියනවා අපට තාම උපදෙස් දීලා නෑ කියලා.

